Newsකොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

-

spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට අනුමැතිය හිමිව තිබේ. ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන අනුගමනය කරමින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත්, එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වැනි වගන්තියට අනුව, ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා සහ එවැනි ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිණිස විධිවිධාන සලසනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය. ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට යෝජිත ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ඉදිරි වසර කිහිපයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 112.2 ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 15.9 ක ආයෝජනයක් සිදු කිරීමටත්, කොළඹ වරාය නගරය තුළ සංධිස්ථානීය මිශ්‍ර භාවිත දිය අද්දර සංවර්ධන ව්‍යාපෘතියක් (Landmark mixed-use waterfront project) ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා පුද්ගලයන් 800 කට පමණ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් සැලසුම් කර ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන ආණ්ඩුවේ සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයකට...

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...
- Advertisement -spot_img

මෝදිගේ මුව පැටියා

මෝදිගේ මුව පැටියා "අපේ ආණ්ඩුවට වසර දෙකයිි - රටට සුබයි" වෙනත් ආණ්ඩු ප්‍රචාරණ කටයුතු කළේ ඡන්ද කිට්ටුව තබාගෙනය. එහෙත් මාලිමා...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you