Artමහා ලක්ෂ්මි වගේ ලේලියක් කාලි යකින්නක් වීම

මහා ලක්ෂ්මි වගේ ලේලියක් කාලි යකින්නක් වීම

-

spot_img

මහා ලක්ෂ්මි වගේ ලේලියක් කාලි යකින්නක් වීම – Maa Inti Bangaaram

පවුලකට එන අලුත් ලේලි කෙනෙක්ගෙන් ඒ පවුලෙ උදවිය බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් තියෙනවා. ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, ගෙදර වැඩ හැම එකක්ම දන්න, නෑදෑයන්ට ගරු කරන, බැන්නත් කණ නෑහුනා වගේ ඉන්න, සංවර ඔය වගේ දාහක් දේවල්. ලේලියකට වඩා ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ මහා ලක්ෂ්මි වගේ දේවතාවියක්ව. කාලි කියන්නෙත් දේවතාවියක් වග ඔවුන්ට අමතකයි.

විවාහයට සුදුසු හැම හැකියාවක්ම තිබුණත් ඇය පැවත එන පරම්පරාව මොන වගේද, ජාති, ආගම්, කුල මේ හැමදේමත් බලපානව. ඒ විතරක් නෙමෙයි ඇගේ අතීතයත්. ඇය අතීතයේ කල කී දෑ. මේක බොහොම වැදගත් නිසාම සමහර ලේලිලට හිතෙන්න පුළුවන් තමන්ගෙ අතීතෙ හංගලා තියාගන්න. හොඳ පවුලක් ලැබෙන්න යන නිසා සමහරවිට ඒකෙ වැරැද්දක් නැතිවෙන්නත් පුළුවන්.

Maa Inti Bangaaram

ස්වර්ණා ඇගේ සැමියා එක්ක විවාහ වුණේ ඔහුගෙ ගෙදරින් තිබුණ විරෝධය කණකට නොගෙන. ඇත්තටම ඔහු ඇය වෙනුවෙන් පවුලෙ අයවත් දාලා ආවා. විවාහයෙන් ටික කාලෙකට පස්සෙ තමයි මේ දෙන්නා පවුලෙ අය මුණගැහෙන්න තීරණය කරේ. මුලදි අකමැත්ත පෙන්නුවත් ටික දවසක් යනකොට ඔවුන් ස්වර්ණාව පවුලෙ කෙනෙක් හැටියට බාර ගත්තා. හැබැයි නිතරම අහන්න ලැබුණෙ ප්‍රශ්න. ‘මේ කෑම එක හදන්න දන්නවද? සිංදු කියන්න දන්නවද? කෝලම් අඳින්න දන්නවද? ‘ වගේ දාහක් දේවල්. ස්වර්ණා මේ මොනවත් දැනගෙන හිටියෙ නෑ. අඩු තරමෙ සමහර කෑමවල නම්වත්. ඒව ඉගෙන ගන්නවට වඩා ‘වැදගත්’ වැඩ ඇගේ අතීතයේ තිබුණා.

Maa Inti Bangaaram

ඇය කවුද, කොහෙන්ද ආවෙ කියන එක ගැන වද නොවී සැමියා ඇයව ළඟට අරන් තිබුණත්, ස්වර්ණගෙ අමුතු හැසිරීම්, දෙමව්පියො නෑදෑයො කවුරුවත් නැති එක පවුලෙ අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොනව වුණත් කාත් කවුරුත් නැති තමන්ට ලස්සන ජීවිතයක් දුන්න සැමියටත්, ඔහුගෙ පවුලෙ අයටත් ඇය ගොඩක් ආදරේ කරා. ඔය අතරෙ තමයි නාඳුනන පිරිසක් ස්වර්ණව හඹා එන්නෙ. මේ පිරිස හොයන්නෙ ජාන්සි කියන පාතාල සාමාජිකාවව.

Maa Inti Bangaaram

සමාජය තුළ නපුර, අයහපත පතුරවන මිනිස්සුගෙන් පිහිට ආරක්ෂාව පතන එක හරිම අනතුරුදායක දෙයක්. එවැනි උදවිය කෙනෙක්ට උදව් කරන්නෙ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන්. ඔවුන් බලාපොරොත්තු වෙන ඒ ප්‍රතිඋපකාර කිසිදාක ලබා නොදිය හැකි අන්දමේ ඒවා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අසරණ වෙලාවට අපේ ඉස්සරහට එන හතුරා උනත් දෙවියෙක් වගේ පෙනුනත්, මේ ලෝකෙට අයහපත උදාකරන උදවියගෙන් හැකිතරම් ඈතට යන එක ඉතාම ඥාණාන්විත බව ඒ මොහොතෙ නෙමේ තවත් අවුරුදු ගාණකට පස්සෙ දවසක අනිවාර්යයෙන්ම තේරුම් යාවි.

Maa Inti Bangaaram

සුපුරුදු අඹු සැමි / නැන්දම්මා ලේලි ගැටුම්වලට එහා ගිය කතාවක් රැගත් Maa Inti Bangaaram තෙලිඟු චිත්‍රපටය මේ වසරේ ජුනි මස තිරගත වුණා. මෙය Action – comedy ගණයේ කතාවක්. මිනිත්තු එකසිය පනස් හතරක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ B. V. Nandini Reddy විසින්. Raj Nidimoru, Vasanth Maringanti සහ Prahas Boppudi තිර රචනය කර තිබෙනවා. Samantha Ruth Prabhu, Gulshan Devaiah, Diganth Manchale ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you