NovelsShort Storiesආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක

-

spot_img

ආපසු හැරිය නොහැක – He Didn’t Look Back

මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට තෙමී අවසන් ය. වහලයේ කෙළවරින් වැසි වතුර වැටී ඔහුගේ දෙපා මුලට වැටුණි. සිහින් දිය පහරක් දෙපා අසලින් ගලා ගොස් පාරේ වූ පැල්මක් තුලින් අතුරුදන් විය. ඔහු සිය දෙපා අහකට ගත්තේය. ජේ අහස දෙස බලා සුසුමක් හෙළුවේය. ඔහුගේ බිරිඳ එදින උදයේ කුඩය ගෙන යන ලෙස දෙවතාවක්ම මතක් කළාය. දොර අසල සිටගෙන සිටි ඇය කොණ්ඩය බඳිමින්ම කුඩය ඔහුට දිගු කළේ හිනැහෙමිනි. ඔහු වෙනත් කල්පනාවක සිටියද ඈ හා හිනැහුණි.

ජේට අදත් බස් රථය මග හැරී ඇත. හෙට දිනයට නියමිත වාර්තා වගයක් සකසන්න වුණ නිසා අද වැඩ අහවර වෙනවිට පමා වී තිබුණි. කාලය නොදැනිම ගතවිණි. ඔහු විවාහ වී මාස පහක් ගෙවී ගොස්ය. හැම දිනයක්ම ඒකාකාරීය. හැමදාමත් වැඩ. ඔහු නිවසට එන්නේ හොඳටම හෙම්බත්වූවාට පසුවයි. දැන් ඔවුන් අතර පෙර සේ කතාබහක් සිදු නොවේ. ඈ ගැන දැනෙන ආකර්ෂණයද පහව ගොස් ඇත. කෝපයක්වත් නොදැනේ. තෙහෙට්ටුවම පමණි. නමුත් ඔහුගේ සිත දහසකුත් එකක් සිතිවිලිවලින් බර වී තිබුණේය.

He Didn’t Look Back

බස් නැවතුම්පොළේ සෙනග පිරී සිටියද එතන පැවතියේ අමුතුම නිහඬ බවකි. මිනිස්සු කුඩ යටට වී දුරකථන තිරය දෙස හෝ වැස්ස දෙස නෙත් යොමා ගෙන සිටියි. කුඩා දරුවෙක් වැස්ස හා සෙල්ලම් කරයි. කොහේදෝ ඈතක ස්පීකරයකින් කිසිවක් නිවේදනය කරනු ඇසුණි. ජේ ඩිජිටල් පුවරුව පරීක්ෂා කළේය. ඊළඟ බස් රථය ප්‍රමාද වනු ඇත. ඒ මොහොතේ ඔහුට කෙටි පණිවිඩයක් ලැබුණි.

“ඔයා බස් එකට නැග්ගද?”

ඔහු මොහොතක් දුරකථන තිරය දෙස බලා සිටියේය. ඇගේ වචන සරලය. හුරුපුරුදුය. හැමදාමත් එක වගේ. ඔහු පිළිතුරක් ටයිප් කර අනතුරුව එය මකා දැම්මේය. නගරයේ ගෙවල් කුලී ඉහළ නිසා ඔවුන්ට නගරයට ඈතින් පදිංචි වීමට සිදුවිය. හැම දවසකම බස්වල එමින් යමින්. හැම රැයකම පමා වෙමින්. සංවාදයක් හෝ නොමැතිව දින ගෙවී ගියේය. අදත් ප්‍රමාදයි. යමෙක් ඔහු අසලින් ඉඳ ගත්තේය. හිස ඔසවා බැලූ ඔහු පුදුමයට පත් විය. ඒ රියා ය.

ලෝකයම නතරවූවාක් සේ දැනුණි. මොහොතකට වර්ෂාවේ ශබ්දය මැකී ගියේය. ඔහුගේ මුව ගොළු විය. ඇයව මේ දකින්නේ වසර පහකට පසුවයි. ඇය ඇගේ බෑගය අහුරාගෙන ඔවුන්ගේ නවාතැනින් පිටව ගොස් වසර පහක්ම ගෙවී තිබේ. රියා ඔහුට පැවසුවේ දෙමාපියන් තෝරා දුන් කෙනා සමගින් විවාහ වන බවයි.
ඔහු නැවතත් ඈ දෙස බැලුවේය. ඔවුන් අතර ඇති අවකාශය වඩාත් කුඩාවනු දැණුනි. ඇය ඔහුව හඳුනාගෙන තිබුණාය. හැඟීමක් මුහුණෙන් නොපෙන්වා ඈ අසුනටම ඇලී සිටියාය. රියා පාර දෙස නෙත් යොමා උන්නාය. ඇය වෙනස්වී ඇත. වසර පහකින් වයසට ගියත් ඒ ඇයමය. අතීතයේදීත් කුමක් කිව යුතුදැයි නොදන්නා විට ඈ සිටියේ මෙවැනිම නිහඬතාවයක ගිලෙමිනි.

He Didn’t Look Back

ඇගේ දෑත් උකුල මත රැඳී තිබුණි. එවිට ජේ එය දුටුවේය. බ්‍රේස්ලට් එක. ඇගේ විසිවන උපන්දිනයේදී ඔහු ඇයට දුන් තුනී රිදී දම්වැල තවමත් ඇගේ මැණික් කටුව වටා රැඳී තිබුණේය. කාලයත් සමග පැහැය අඩුවුවත් එය වියැකී නොගොස් පෙර සේම පැවතුණේය. ඔහුගේ උගුර තද විය. කුඩා සාප්පුවකින් ඔහු එය මිළට ගත්තේ එය ඕනෑවට වඩා සරලදැයි කල්පනා කරමිනි. ඇය හිනැහෙමින් එය පැළඳගත්තාය. ප්‍රශ්න අනාරාධිතව මතු විය. ඇය කවදා හෝ ඔහු ගැන සිතුවාද? ඇය ඒ ගැන පසුතැවිලි වුණාද? ඈ තවමත් ඔවුන්ගේ අතීතය ගැන සිතනවාද? ඔහුගේ දුරකථනය හැඬවුණි. මේවතාවේ ඔහු එය එළියට ගත්තේ නැත.

ඔහු අසලින් බස් රථයක් නතරවුණි. ජේ සෙමින් නැගී සිටියේය. තම දෙපා ගල්ව ඇතිබව දැණුනි. මොහොතකට, ඔහු සිටගෙන සිටියේය. තීරණයක් ගත නොහැකි අයුරින්. ඇය හා කතා කරන්නේ කෙලෙසද? ආචාර කිරීමක්, පිළිගැනීමක්? දැන් තම ජීවිතය ගැන ඇයට පැවසිය හැක. විවාහය. මහල් නිවාසය. රැකියාව. ඇය ආචාරශීලීව සවන් දෙමින් තමා ගැනත් පවසනු ඇති. නමුත් ඔහුට දුරස්ථ බවක් දැණුනි. මෙය හරස් මාර්ගයක් නොවේ. එය බාධාවක් පමණි. ඉදිරියට ඇවිදගෙන යන විට ඔහුව තෙතබරියම් වුණි. ජේ නැවත හැරී බැලුවේ නැත. වැස්ස තවත් තදින් ඇද හැළුණි. වැහි වතුර ගෙල දිගේ ගලා ගොස්, ඇඳුම තෙත් කළේය. අවට බොඳ වී පෙණුනි. ජේ කුලී රථයක් නතර කර ගත්තේය. අසුනට හේත්තු වී සෙමින් හුස්ම ගත්තේය. කුලී රිය වැසි වතුරෙන් සහ විදුලි එලිවලින් නැහැවුණු නගරය පසුකර ගමන් ගත්තේය. සාප්පු වසා දමා තිබුණි. මිනිස්සු කඩිමුඩියේ නිවෙස් කරා ගියෝය. ඔහු දුරකථනය අතට ගත්තේය. බිරිඳගේ පණිවිඩය එලෙසම තිබුණි.

“ඔයා බස් එකට නැග්ගද?”

“නෑ. මේ එන ගමන්…”

විරාමයක්. නැවත පණිවිඩයක්.

“හරි, මම කෑම ටික මේසෙට ගේන්නම්..” 

He Didn’t Look Back

ජේ මොහොතකට දෑස් පියා ගත්තේය. ඒ උදෑසන, ඔවුන් දොර ළඟ සිටගෙන සිටියදී ඇය ඇගේ දවස ගැන ඔහුට පැවසුවාය. මිතුරියක් ගැන යමක්. රැස්වීමක්. ඔහු ඒවා අසා සිටියේ උවමනාවකින් නොවේ. කුලී රිය ඔවුන්ගේ වීදිය අසල නතර වුණි. ඔහු මුදල් ගෙවා එයින් බැස ගත්තේය. දැන් වැසි වැටෙන්නේ මෘදු ලෙසයි. ඔහු තම නිවස දෙස බලා සිටියේය. විදුලි පහන් දැල්වී තිබුණි. නිවස සිසාරා රාත්‍රී ආහාරයේ සුවඳ පැතිරුණි. කුස්සිය පැත්තෙන් භාජනවල හඬ, වතුර ගලා යන හඬ ඇසුණි. ඔහු දොරකඩ අසල නතරවී තෙත පාවහන් ගලවා දැමුවේය.

“ජේ?”

ඇය කුස්සියේ සිට ඔහුව ඇමතුවාය.

“මම ආවා”

ඔහු තවත් මොහොතක් එතනම රැඳී වැස්සට සවන් දුන්නේය. එහි හඬ මැකී යනු ඇසුණි. නිවහන ඔහු එනතුරු බලා සිටී.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Arjun VH විසින් රචිත He Didn’t Look Back කෙටිකතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට - Restaurant food prices ගෘහස්ථ ගෑස් විලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා...
- Advertisement -spot_img

වෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි

වෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි - Chase Infiniti විසිහය හැවිරිදි චේස් ඉන්ෆිනිටි (Chase Infiniti) හොලිවුඩයට පිවිසුණේ ජේක් ගිලෙන්හාල් සහ රූත්...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you