Featuresගම්වැද්දන් සහ වැඩ බැරි ටාසන්ලා

ගම්වැද්දන් සහ වැඩ බැරි ටාසන්ලා

-

spot_img

ගම්වැද්දන් සහ වැඩ බැරි ටාසන්ලා

ටාසන් යනු ප්‍රබන්ධයක් වුවද ඔහු අපේ ගම්වැද්දාගේ ම “මොඩිෆයි වර්ෂන්” එක යැයි මට සිතේ. වික්ටෝරියානු සදාචාරයේ ඇතැම් “ජෙනුයින් කෑලි” හේතුවෙන් ටාසන් සම්බන්ධ ප්‍රබන්ධයන්හි ඔහු “මස්වැද්දෙකු” කර නැතත්, ඉණෙහි සත්ව හමක් එල්ලාගෙන, හූ කියමින්, වැල්වල එල්ලී කැලේ කරක් ගසනා ටාසන්, ගඩාගෙඩි හෝ ගස්වල කොල පොතු කෑමෙන් පමණක්ම පණ ගැටගහ ගත්තා විය නොහැකිය. ඒ කෙසේ වෙතත්, අමුඩයකින් හෝ සරම් කෙටියකින් රහස් පෙදෙස වසාගෙන, දුන්නයි, කෙටේරියයි උරමත එල්ලාගෙන, මීයක් කඩාගෙන, සතෙක් එළාගෙන ජීවත්වූ ගම්වැද්දන්ට වඩා තරමක් “පොෂ්” විදිහට ඒ ටිකම කරන සුදු හම ඇති “මොඩ්වැද්දන්ට” නොහොත් ටාසන්ලාට අපේ හිතේ වැඩි ඉඩ කඩක් වෙන්වී ඇති බව නොරහසකි.

වැද්දන් ටාසන්ලා වූයේද, ටාසන්ලා වැද්දන් වූයේද යන්න තර්ක කළ හැකි කාරණයක් වීද, වැද්දන්ට කෙටේරිය මෙන්ම ටාසන්ලාට වැලත් අනන්‍යතා ලක්ෂණයකි. කෙටේරිය නොවේනම් වැද්දා පිළිඹිබු නොවනවා මෙන්ම වැලක එල්ලී නොයන ටාසන්ලාද නැත. 2007-2008 වසරවල “වැඩ බැරි ටාසන්” නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය වූ අතර එහි වැඩ බැරි ටාසන්ගේ චරිතය නිරූපණය කළේ ටෙනිසන් කුරේ ය. තමන් ටාසන් කෙනෙකු යැයි සිතා සිටියද, හූ කියන එක ඇරෙන්නට, තමන්ටම කියා, සතෙක්, සිව්පාවෙක් තබා එල්ලෙන්නට වැලක්වත් නොමැති විහිළුකාරයෙකු ගැන කතාබහ කෙරෙන මෙම චිත්‍රපටය එකළ බයිස්කෝප් රැල්ලේ වැඩි අවධානය දිනාගත්තේය. එය කෙතරම් ජනගත වීද යත් ක්‍රියාවෙන් කිසිත් නොකරන කෑ කෝ පප්පලා “වැඩ බැරි ටාසන්ලා” ලෙස හඳුන්වන්නටද මිනිසුන් පෙළඹුණහ. එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම විරුද්ධ පාක්ෂිකයා මඩවන්නට පාර්ලිමේන්තුව තුළ භාවිතා කළ ජනප්‍රිය යෙදුමද මෙය වූ බැවින් ටාසන්ලා පාර්ලිමේන්තු ගොස් හැන්සාඩ්ගත වුවෝය.

ගම්වැද්දන් සහ ටාසන්ලා ගැන මතකය යළි අවුස්සනු ලැබූ ආසන්න මතකය යෙදුණේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වු වීඩීයෝ සහ ජායාරූප කිහිපයක් හේතුවෙනි. ඒවායෙහි කතානායක දෙපළ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ය. අදාළ සිදුවීම නිරීක්ෂණයේදී පෙනී ගියේ කිසියම් උත්සව අවස්ථාවකට සහභාගී වී සිටි ඔවුන් දෙදෙනාට එහි සම අසුන් පනවා තිබු අයුරුය. කතාබහට ලක්වූයේ චතුරංග අබේසිංහ විසින් නාමල් රාජපක්ෂව නොතකා සිටින්නට දරන උත්සාහයයි. සමාජ මාධ්‍ය හෑලී හලන්නන් විසින් “නාමල් ප්ලග් වෙන්න හදනවා… වතුරංග ඩෝන්ට් කෙයාර් ඉන්නවා” වශයෙන් සිද්ධියේ තරම තම ණැන පමණින් පැහැදිළි කර තිබිණි. මධ්‍යස්ථ තැනෙක හිඳ සිද්ධිය ළිහාගන්නා අයෙකුට, එහි මතුපිට අතගානා කිසිවෙකුට “ප්ලග්” නොවුණු තැන නිසියාකාරව “කෙයාර්” කරගත හැකිය.

චතුරංග අබේසිංහ මේ මොහොතේ නියෝජනය කරන්නේ 3% සිට පැමිණ 42% ක ජනවරමකින් ජනාධිපතිවරයෙකුත්, 3/2ක බහුතර බලය සහිත පාර්ලිමේන්තුවකුත් ලබාගත් දේශපාලන පක්ෂයයි. එකී මැතිවරණයේදීම තමන්ගේ පක්ෂය 2.5%ට වැටී තිබියදී චතුරංගලාගේ ආණ්ඩුව පත්වී මාස අටක් වැනි කෙටි කාලයකින් පැවති පළාත් පාලන මැතිවරණයෙන් එම ප්‍රතිශතය 9% ට ඔසවා තැබූ පක්ෂය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂයි. ජනතාව ක්‍රමයෙන් තමන්ගේ පක්ෂයේ ප්ල්ග් එක ගලවා තම සම අසුනේ සිටිනා එකාගේ පක්ෂය කෙයාර් කරමින් සිටිනවා ය යන සරල ඇත්තවත් තේරුම් ගන්නට තරම් මේ උද්දච්ච කුක්කුච්චලාට සංයමයක් නැත. නාමල් රාජපක්ෂලා යනු කෙටේරිය අතට හුරු සතා එළාගත යුතු කාලය සහ තැන දන්නා ගම්වැද්දන් ය. අබේසිංහලා නිතර හූ කියන්නේ එල්ලෙන්නට වැලක් අහිමිව බව දන්නෝ දනිති. කරන්නට කෙතරම් වැඩ තිබ්බත්, වැඩ බැරිනම් ඒ ටාසන්ලාට නැවත ටර්න් එකක් එන්නේ නැත.

වතුකරය නියෝජනය කරමින් මාලිමාවෙන් පාර්ලිමේන්තු ගිය අම්බිගා සැමුවෙල් පාසලක කිසියම් උත්සවයක් අතරතුර සිදුකරනු ලබන මුල්ගල තැබීමක් මේ දිනවල පුවත් මවමින් තිබේ. බහුතර මතය වන්නේ එම මුල්ගල තැබීම සිදුවනුයේ වැසිකිළියක් සඳහා බවය. පාසල් දරුවෙකුට වැසිකිළියක් යනු සනිපාරාක්ෂක පහසුකමකි. අම්බිගා නොව කවුරු මුල්ගල තිබ්බත් එය අවැඩක් නොවේ. වැඩේ කියන්නේ අම්බිගා ඇතුළු පිරිසක් එම උත්සවයට යන්නේ පාසල් දරුවන්ගේ තූර්ය වාදන හා මල් කළඹ පිළිගැනීම් සහිතවය. මේ මාලිමාව කී නොකරන, බැහැර කරන ගොඩේ තිබු දේවල් ය. වතුකරයේ ජනතාව අම්බිගාලා පාර්ලිමේන්තු යවනුයේ තොණ්ඩමන්ලාට කළ නොහැකි වූ දේ කරන්නටය. එහෙත් වතුකර ජනතාවගේ දෛනික අවශ්‍යතා අතර ඇති භුමිතෙල්, පාන්පිටි ටිකට සහනයක් ලබාදෙන්නටවත් තාමත් අම්බිගාලා සමත්ව නැත. ඉතින් ජීවාන් තොන්ඩමන්ලා ගම්වැද්දන් වී ඇති පාර්ලිමේන්තුවේ අම්බිගාලා වැඩබැරි ටාසන්ලා වී ඇත්තේ එහෙයිනි. වැද්දා අපේ ආදි වාසියා ය. සුද්දා අපට වැලක එල්ලා එවූ එකා ටාසන් ය. කැලේ රජා කවුදැයි නොදන්නා සතා, සිවුපාවා දැන් ටාසන්ලාගේ හු හඬට හුරුව සිටී.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you