Newsහුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

-

spot_img

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාපටිපාටිය අනුව පොහොසත් රටක් කෙසේ වෙතත් ජනතාව දිගින් දිගටම දුප්පත්කම තුළ රඳවා තබා ගැනීම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක, ආර්ථිකයේ පවතින තත්වය ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

Harsha-de-Silva-
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ, ආර්ථික වර්ධනය මෙලෙස මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ලිහිල් නොකිරීම බවයි. ලංකාවට ආයෝජන ලබා ගැනීමට නම් හුණ්ඩු මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “බ්ලූප්‍රින්ට්” වැඩපිළිවෙලෙහි අඩංගු උපාය මාර්ග අනුගමනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ රාජ්‍ය ණය කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් රටේ යම් ස්ථාවරත්වයක් ඇති වූ බව පිළිගත් මන්ත්‍රීවරයා, වත්මන් රජයට එම ස්ථාවරත්වය මත පමණක් ලකුණු ලබා ගත නොහැකි බව පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you