Featuresආණ්ඩුවේ අල්ලන සෙල්ලම්

ආණ්ඩුවේ අල්ලන සෙල්ලම්

-

spot_img

ආණ්ඩුවේ අල්ලන සෙල්ලම්

ඩිවයිස් සමඟ දීග නොගිය ළමා කාලයක් තිබූ ඕනෑම අයකු “අල්ලන සෙල්ලම්” නැමැති විනෝදජනක ක්‍රීඩාවේ යෙදී ඇතැයි විශ්වාස කරමි. “හැංගිමුත්තම් කෙළීම” ලෙසින්ද හඳුන්වන මෙම ක්‍රීඩාවේ ස්වභාවය වන්නේ සැඟවුණු කෙනෙකු සොයා ගැනීමයි. එක් අයෙකු ඇස් වසාගෙන එකඟ වූ යම් අගයක් තෙක් ගණන් කිරීම සිදුකරන අතරේ අනෙක් පිරිස සැඟවෙති. සැඟවුණු පිරිස අතරින් පළමුව සොයාගන්නා කෙනාට නැවත අනෙක් අය සෙවීමේ වාරය හිමිවේ. මේ ක්‍රීඩාවේදී සැඟවුණු අය සොයා යන කෙනාගේ මුවින් පිටවෙන යම් ප්‍රකාශයක් තිබේ. ඒ, “හැංඟිමුත්තො හැංඟියෝ – ළං වෙනකොට දුවපියෝ” යන්නයි. සොයන්නට එන කෙනා සමීපවූ විට සැඟවී සිටින අය දුවන්නට පටන් ගනී. පිරිස හඹායන්නා පළමුව ස්පර්ෂ කළ කෙනා දැවී යන අතර ඔහු හෝ ඇය නැවත ක්‍රීඩාව මුළ සිට ඇරඹිය යුතුය. යම් කිසිවෙකු ස්පර්ෂ කිරීමට පෙර අදාළ කෙනා “වච්චි” යන වචනය පාවිච්චි කළහොත් නොදැවී සිටිය හැකිය. “ඔට්ටු” යැයි කියා සැඟවුණු නමුත් “වච්චි” යැයි කියා බේරීමට හැකිවීම මේ ක්‍රීඩාවේ ඇති විශේෂ ස්වභාවයකි.

ගෙවී ගිය කාලය පුරාම ලංකාවෙ විවිධ හැංඟිමුත්තම් කෙළි පැවතිණි. ආණ්ඩුව ඒවා සමඟ අල්ලන සෙල්ලම් කරනුද පෙණිනි. ඉන් ආසන්නම උණුසුම් කතිකාවත යෙදී ඇත්තේ බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජන කළේයැයි චෝදනා ලද අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ සිදුවීම පිළිබඳවය. සිදුවීමට අදාළ පැමිණිල්ල ලැබූ වකවානුවේ මේ හිමිනම සැඟවී ඇතැයි කියවිණි. පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ප්‍රවෘත්තීන් පළ විය. මේ මොහොතේ චෝදනා ලද භික්ෂුව ඇප මත එළියේය. එහෙත් පොලීසීය හා ළමාරක්ෂක අධිකාරිය තාමත් එකිනෙකා හා ඇවිළේය. ළමාරක්ෂක අධිකාරියේ සංජීවනී නෝනාට අනුව ඇය දැරියට සාධාරණය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් කෙවිටක් රැගෙන පොලීසිය පසුපස ගොස් ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් උන්නැහේනම් කියන්නේ ඒ නෝනා ඇගේ වෛරය පෙන්වනවා කියාය. මේ අතර ජනාධිපති උත්තමයා තමා සඝ ගණ රුවනට බොරළු පොළොවේ වැඳ වැටුණු අතීතය ගැන සංවේදී වෙයි.. මේ සියල්ල අල්ලපනල්ලේ තවත් පිරිසක් අටමස්ථානය, මිහින්තලය, දළදා මාළිගාව රජයට පවරාගන්නැයි කියා ෆේස්බුක් කැරළි ගසනු පෙනෙයි. ආගම රාජ්‍යයෙන් නිදහස් විය යුතු යැයි කීවද ආගම ඇත්තේම රාජ්‍යය හා අත්වැල් පටලාගෙනය. සඟසතු දේපල රාජසන්තක කරන්නට දතකන උදවියට නොතේරෙන ටික ඒකය.

අටමස්ථානාධිපති හිමිට ඇප ලැබූ වකවානුවේම තවත් භික්ෂූන් දෙදෙනකු වෙනුවෙන් අධිකරණ තීන්දු දෙකක් ලැබිණි. එතරම් කතාබහට ලක්නොවූවද ඒ තීන්දු දෙකම බරපතල ලිංගික අපයෝජන චෝදනා සඳහා දුන් තීන්දුය. එක් තීන්දුවකින් වසර 13ක් වයසැති දරුවකු අපයෝජනය කිරීමේ වරදට වසර 10ක සිරදඩුවම් ලබා සිටි භික්ෂුවකගේ දඬුවම අධිකරණය විසින් අහෝසි කළේය. දෙවැන්න වුයේ වසර 9ක දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ භික්ෂුවකට සිරදඬුවම් නියම වීමය. මේ භික්ෂූන් දෙපළ කළ අපයෝජන වලට වඩා වැඩි අවධානයක් අටමස්ථානාධිපති හිමියන් දෙසට යොමුවන්නේ කවර කාරණා නිසාද යන්න තරමක් පැටළිලි සහගත ය. චීවරධාරීන්, පාදිලිවරුන්, මවිලවරුන් පමණක් නොව ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කළද අපයෝජන අපයෝජනමය. එකක් නිදැල්ලේ හරින්නටත්, අනෙකට වැරෙන් පහර දෙන්නටත් හේතු තිබිය නොහැකිය. කිසිදු තර්කයක් නැත. ඒ සියල්ලටම දැඩි දඬුවම් ලබාදිය යුතුය. එහෙත් ලාල්කාන්තලා කියන පරිදි මේ ආණ්ඩුව ඔබට, මට, අරයට, මෙයාට ඕනෑ විදිහට වැඩ කරන්නේ නැත. එබැවින් අප කැමති වූවද, නොවුවද ඔවුන්ගේ ආණ්ඩුවේ ආයතන ව්‍යුහය ගන්නා තීන්දු තීරණ වලට එකඟ විය යුතුය. ආණ්ඩු අල්ලන්නට දැමූ සෙල්ලංවලින් සල්ලං වී ඇති ආණ්ඩුවට දැන් කරන්නට වී ඇත්තේ  එහෙව් හැංඟිමුත්තන් ය.

ආණ්ඩු බලය පමණක් ප්‍රමාණවත් නොවන අතර රාජ්‍යයේ බලයත් ඇල්ලිය යුතු බව මෙන්ම ආයෙ වෙන ආණ්ඩු නැති බව සහ රට හදන්නට තව අවුරුදු 20ක්වත් අල්ලාගෙන සිටිය යුතු බවද ආණ්ඩුවේ ඇත්තන්ට කියවෙන්නේ නිකමට කට කහනවාට නොවේ. මේ අල්ලාගත් බලය පවත්වාගෙන යෑමේ උපාය මාර්ගය. ඒ සඳහා ඔවුනට අර්බුද උවමනාය. අර්බුද ඇවිලවිය හැකි පහසුම තැන සමාජ මාධ්‍ය ජාලයන්‍ ය. ආණ්ඩු පත් කිරීමේදී හසුවුවා මෙන්ම ජන්දය දුන් සුළුතරයක් තවමත් ඒ විමුක්ති ගැටයේ සිරවී සිටිති.  හුදෙකලා පක්ෂයකට උපරිම බලය සහිත ආණ්ඩුවක් සාදා දුන් උන්දලා, ඒ ආණ්ඩුව පත්කරගත්තේ රට හදන්නට බව නොදැන, ෆේස්බුක් හරහා අපට රට කරනා හැටි උගන්වමින් සිටිති. ඇවිලෙන අර්බුද උණු, උණුවේම විකුණාගන්නට පොත් ලියා, සිංදු ලියා, ෆිල්ම් හදා, යූ ටියුබ් කර රැල්ලට රුවල් අරින උන්, “සමාජ ප්‍රශ්න ගැන කතා කරපං ඩෝ” යැයි අපට තග දමති. අප බලා සිටින්නේ ආණ්ඩුව අල්ල්ලන්නට ආ හොර නඩය දෙසය. හොරු බෙල්ල වැල්ලේ ගසා පැස්බර පස්සවල් එළියේ දමාගෙන සිටිති. “වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ….ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ..” කියා ගයමින් ආණ්ඩුව ඒ පැස්බර පස්සවල් වටේ කැරකෙන අයුරු දැක අපට දෙකොණින් සිනහ නැඟෙන්නේ ය.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you