හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ
රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාපටිපාටිය අනුව පොහොසත් රටක් කෙසේ වෙතත් ජනතාව දිගින් දිගටම දුප්පත්කම තුළ රඳවා තබා ගැනීම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක, ආර්ථිකයේ පවතින තත්වය ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.




