Foodමේ දවස්වල ලංකාවෙ ජනප්‍රියම Bubble Tea

මේ දවස්වල ලංකාවෙ ජනප්‍රියම Bubble Tea

-

spot_img

මේ දවස්වල ලංකාවෙ ජනප්‍රියම Bubble Tea

ළඟක ඉඳලා ලංකාවෙ සෑහෙන ජනප්‍රිය වුණ දෙයක් තමයි බබල් ටී. දැන් හැම තැනම බබල් ටී ෂොප් තියෙනව වුණත් ගෙදරදිම බබල් ටී එකක් හදාගෙන බොන්න පුලුවන්නං ඒක රසවත් අත්දැකීමක් වෙයි. අනිත් එක එළියට යන්න කම්මැළි දවසක වුණත් ලේසියෙන්ම ගෙදර ඉඳගෙන බබල් ටී එකක් හදාගන්න ලැබෙන එක ලොකු පහසුවක්. 

Bubble Tea

අවශ්‍ය ද්‍රව්‍ය

• දුඹුරු සීනි මේස හැඳි 2ක්

• වතුර කෝප්ප බාගයක්

• කෝන් ෆ්ලා මේස හැඳි 2-3ක්

• කළු පාට කලරිං බින්දුවක්

• ෂුගර් සිරප් ටිකක්

• අයිස් කැට

• හදාගත් තේ ටිකක්

• කිරි

Bubble Tea
Screenshot

බබල්ස් හදන විදිහ

පෑන් එකකට වතුර කෝප්ප කාලක් එකතු කර ඒකට දුඹුරු සීනි මේස හැඳි 2 ක් එකතු කර ලිපේ තියන්න. මඳ ගින්නේ හැඳි ගාන්න. සීනි ටික දිය වුණාම ඉතිරි වතුර කෝප්ප කාලට කෝන් ෆ්ලා ටිකක් එකතු කර, සීනි දිය කරපු මිශ්‍රණයට ම එකතු කරන්න. හොඳට හැඳි ගාන්න. (රන්වන් පාට තලපයක් වෙනතෙක්) පේස්ට් එක ගොඩක් ඝනත් නැති දියත් නැති පදම ලැබුණ පසු ලිප ඕෆ් කරන්න. දැන් මේකට තව කෝන් ෆ්ලා මේස හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරන්න. බබල්ස් කළු පාටින් ඕනෙ නම් කළු පාට කලරිං ටිකක් එකතු කර හොඳට කලවම් කරන්න.

Bubble Tea

දැන් කටින් බෝඩ් එකකට කෝන් ෆ්ලා ටිකක් හලා තුනී කරගන්න. මීළඟට පේස්ට් එක ඒ මතට දමා පුංචියට කෑලි කඩලා තරමක් මහත දිග තීරු කීපයක් හදා ගන්න. ඊට පස්සෙ මේ තීරු ටීක් බෝල ප්‍රමාණයට වඩා පුංචියට බෝල වෙනකං හොඳට රවුම් කරන්න. සුදු පාට කෝන් ෆ්ලා තැවරුණ කළු පාට බෝල ටික තමයි බබල්ස්. මීලඟට භාජනයක් ලිපේ තබා එයට උණුවතුර එක් කරන්න. වතුර ටික නටනකොට බබල්ස් ටික එයට එකතු කරන්න. විනාඩි පහක් විතර මඳ ගින්නේ රත් කර ගෙන ලිප ඕෆ් කරන්න. බබල්ස් ටික විනාඩි දහයක් නිවෙන්න තියලා වතුර ටික පෙරන්න. ඊළඟට ඇල්වතුරෙන් යන්තමට මේ ටික තෙමලා ආයෙමත් වතුර ටික පෙරන්න. දැන් මේ බබල්ස් ටිකට ෂුගර් සිරප් ටිකක් එකතු කරන්න.

ටී එක හදන විදිහ 

ඉස්සෙල්ලම සාමාන්‍යයෙන් තේ හදන විදිහට සීනි දාල තේ ටිකක් හදාගන්න. ඊළඟට වීදුරුවක් අරන් එයට අයිස් කැට ටිකක් දාල ඊට පස්සෙ බබල්ස් එකතු කරන්න. දැන් එයටම හදාගත්ත තේ ටිකක් එකතු කරන්න. වීදුරුවෙන් බාගයක් පිරුණු පසු ඉතිරි බාගේ සම්පූර්ණ වෙන්න කිරි එකතු කරන්න. හැන්දකින් පරිස්සමට කලවම් කරන්න. Enjoy Your Bubble Tea!

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you