Newsළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

-

spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2010 සිට 2017 වර්ෂයේ මුල් කාලය දක්වා පාසල් හැරගිය ළමයින් පිළිබඳ නිශ්චිත දත්ත තමන් සතුව නොමැති බවය.

2018 සිට 2024 දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වාර්තා මත පදනම්ව, පළමු ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඇද හැළීම් අනුපාත සැළකිල්ලට ගනිමින් අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් භාවිතයෙන් මෙම දත්ත ගණනය කර තිබේ. ඒ අනුව පාසල් හැරගිය ළමයින්ගේ සංඛ්‍යාව 2018 වසරේදී 38,839ක්, 2019 වසරේදී 41,503ක්, 2020 වසරේදී 32,540ක්, 2021 වසරේදී 25,492ක්, 2022 වසරේදී 52,596ක්, 2023 වසරේදී 50,345ක් සහ 2024 වසරේදී 25,823ක් ලෙස වාර්තා වී ඇත.

Prim minister Harini Amarasuriya
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

එක් පළාතක සිට තවත් පළාතක පාසලකට මාරුවීම, ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීම හෝ පවුලේ සාමාජිකයන් සමඟ විදේශගත වීම වැනි හේතු මත ඇතැම් සිසුන් පාසල් පද්ධතියෙන් ඉවත් වුවද, ඔවුන් තවදුරටත් විධිමත් අධ්‍යාපනය ලබමින් සිටිය හැකි බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි. දරුවන් පාසල් හැරයෑමට බලපාන ප්‍රධාන හේතු ලෙස පෞද්ගලික හේතු, පාසල සම්බන්ධ හේතු, පවුල සම්බන්ධ හේතු, සමාජීය හේතු සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා යොමුවීම වැනි හේතු මේ වනවිට හඳුනාගෙන තිබේ.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you