හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2027 වසරේ සිට හය ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව මෙහිදී වාර්තා විණි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අදියර පහක් යටතේ ක්‍රියාත්මක අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ලබාදුන් උපදෙස් මත එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා නව කමිටු පහක් පත් කර ඇත. එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එසේම 2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහි දී පෙන්වා දෙනු ලැබිණි.
✍️ ධාරා අබේනායක විසිනි.