Newsඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

-

spot_img

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට – Rupee depreciation

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය ආනයනයක භාණ්ඩවල මිල ඉහළ යෑම, විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු වේගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මීට සාපේක්ෂව උද්ධමනයද සැළකිය යුතු අන්දමින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරති. එසේම ඉන්ධන, ගෑස්, බෙහෙත් වර්ග සහ ආහාර ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය දේ ආනයනය කරන බැවින් රුපියල් අවප්‍රමාණය වීමේදී මෙරට වෙළඳපොළ තුළ එම භාණ්ඩවල මිලද ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති. තවද ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි, ජල බිල්පත් සහ පොදු සේවා මිල ගණන් ඉහළ යෑම කෙරෙහි බලපානු ඇති බවද විශේෂඥයෝ අදහස් පළ කරති.

ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යෑමෙන් වාසි සැලසුනද නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන ආනයනික අමුද්‍රව්‍යවල මිල අධික අධිකව ඉහළ යෑම නිසා ඔවුන්ගේ ලාභාංශ සහ නිෂ්පාදන තරගකාරීත්වය බරපතළ ආකාරයෙන් අභියෝගයකට ලක්විය හැකි බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මහ බැංකු දත්ත පෙන්වා දෙන පරිදි මේ මොහොත වන විට ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you