More
    Artසෑම පාලකයෙකුටම අවශ්‍ය මිලේච්ඡත්වය

    සෑම පාලකයෙකුටම අවශ්‍ය මිලේච්ඡත්වය

    -

    spot_img

    සෑම පාලකයෙකුටම අවශ්‍ය මිලේච්ඡත්වය – The Long Walk (2025)

    මිනිස්සු කියන විදිහට මේ ලෝකෙ බුද්ධිමත්ම ජීවීන් විශේෂය වෙන්නෙ මිනිස්සු. මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතිබව සමහර අය විශ්වාස කරනව. ඒත් අපි මොනතරම් දුර්වල, මිහිතලයෙ ඉන්න තවත් එක් ජීවීන් විශේෂයක් විතරමයි කියලා අපිට දැනෙන්නෙ විපතකදි. අසරණකමේ පතුලටම ඇද වැටුණම. මුදල්, දේශපාලනය මේ වගේ බලවේගවලට පුළුවන් මිනිස්සුන්ව අසරණ කරලා දාන්න. බිම් අඟලකට, ජලය පොදකට, ආහාර වගේ විවිධාකාර හේතු නිසා ඇතිවුණ යුද ගැටුම් වලින් ලෝකය පටන් ගත්තු දවසෙ ඉඳල කී දෙනෙක් නම් මිය යන්න ඇතිද? ඔවුන් මැරෙන්න හේතුවවත් නොදැන ඉන්න ඇති. ලෝකෙ කොතැනකවත් සාමාන්‍ය ජනතාවට මිලේච්ඡත්වය අවශ්‍ය වෙන්නෙ නෑ. එය අවශ්‍ය වෙන්නෙ පාලකයන්ට විතරයි. 

    The Long Walk

    ඒ ඒකාධිපති හමුදා පාලනයක් තිබුණ අවධියක්. නිවෙස්වලට කඩා වැදී මව පුතා ඉදිරියේ පියා මරා දැමූ කාලයක්. හමුදා පාලනය හමුවේ මිනිස්සු කිව නොහැකි තරමේ අසරණකමකට ඇද වැටී තිබුණා. ඔය අතරෙ තමයි හමුදාව විසින් The Long Walk කියන මාරාන්තික තරඟය සංවිධානය කරලා තිබුණෙ. යොවුන් වයසෙ පිරිමි ළමයි පනස් දෙනෙක් මේ සඳහා ඉදිරිපත් විය යුතු අතර ජයග්‍රාහකයාට විශාල තෑග්ගක් සමග තමන් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන්. තරඟකරුවන්ට තිබුණෙ ඉදිරියට ඇවිදගෙන යන්න. තරඟ නීති සරලයි. ඒකාධිපති පාලනය නියම කර තිබූ වේගයට ගමන් කළ නොහැකි වූ හෝ ඔවුන් විසින් පනවා තිබූ නීති කඩකරන්නන් මහමගදීම වෙඩි තබා ඝාතනය කළා. මේයින් ප්‍රාන්තයෙන් තරඟයට ඉදිරිපත් වුණේ රේමන්ඩ්. මේ කතාව ඔහු ඇතුළු තරුණයන්ගේ ගමන පිළිබඳව. මාරාන්තික ගමනක අවසානයේ “ජයග්‍රාහකයා” බවට පත්වන්නේ කවුද?

    The Long Walk

    පවතින සමාජ ක්‍රමය තුළ සුඛෝපභෝගී ජීවිතයක් උදෙසා නොව මූලික අවශ්‍යතා සඳහා පවා තරඟ වදින්න මිනිස්සුන්ට සිද්ධවෙනවා. එකිනෙකා පරයමින් නැගී සිටීමට වෙරදරන්න, අසාධාරණය නොදුටුවා සේ ඉන්න, ඇතැම්විට අනෙකා මහමග මැරී වැටුණත් ඇස් කන් නොමැතිවුන් සේ ඉදිරියට ඇදෙන්න. මිත්‍රත්වය, ආදරය වගේ සංවේදී කාරණාවලට මේ තරඟය ඇතුළෙ ඉඩකඩ අඩුයි. ඒ තමයි අපි හැමෝම මුහුණදෙන ජීවන අරගලය. ඒ ඇතුලෙ මිනිස්සු සංවේදනයන් රහිත, ආතතිය බහුල, භොඳ නරක නොවැටහෙන තත්වයට පත් වීම සාමාන්‍යයි. ආත්මාර්ථකාමීත්වය දෝත දරාගෙන මිනිස්සුන්ට සිද්ධවෙනව නොනැවතී ඉදිරියට යන්න. නැවතුනොත් විනාශය උරුම නිසාවෙන්.

    The Long Walk

    මරණය කරා යන ගමනෙදි කලාතුරකින් හමුවෙන හෘදයාංගම බැඳීම් ගමනේ විඩාව දුරු කරනව. හිනාවෙන්නත් ඕනෙ කියලා මතක් කරලා දෙනව. අනෙකාව පරදවමින් එන්න සිදු වුණ ගමනෙ අවසානය හිතට ගෙනෙන්නෙ හිස් කමක් විතරයි. මුණගැහුන එකම එක බැඳීමක් වෙනුවෙන් හරි සාධාරණයක්, යුතුකමක් කරන්න අපිට පුළුවන් වුනානම් අවසානෙදි කුඩා හෝ සැනසීමක් හිතට දැනේවි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page