Foodඅවුරුදු මතක එක්ක හදාගන්න - පොලොස් ඇඹුල

අවුරුදු මතක එක්ක හදාගන්න – පොලොස් ඇඹුල

-

spot_img

පොලොස් ඇඹුල.. මේකෙ ලොකු රෙසපි එකක් නෑ ඉතින්,සාමාන්‍යයෙන් අපි මස් මාළු උයනවා වගේ උයන්න පුලුවන් මේ පොළොස් .
පොළොස් ගෙඩිය පොත්ත ඇරලා පොඩිවට කෑලි වලට කපාගෙන ඒ කෑලි අතරට වෙන් නොවෙන්න පිහියෙන් කැපුම් පාරවල් දාගන්න.
එහෙම කරන්නේ පහේ පොළොස් එකට අල්ලන්න නිසා.,ඊටපස්සෙ පොළොස් ටික හෝදලා භාජනයකට දාල ඒකට මිරිස් කුඩු හැර.අනිත් පහේ ටික දාගන්න.
බැදපු තුනපහ ,කහකුඩු ගම්මිරිස් කුඩු ,ගොරකා,රස අනූව ලුණු , දාල හොදින් අතගාලා පැත්තකින් තියන්න.
දැන් වෙනම රතුළූණු ටිකක්,රම්පේ කරපිංචා ,එනසාල් ,කරාබුනැටි ,කුරුදු පොත්තක් කෑල්ලක්,තලාගත්ත සුදුළූණු ,තලාගත්ත ඉගුරු කෑල්ලක් මේ දේවල් ලෑස්ති කරන් තියාගන්න.
පොල් ගාගෙන දියකිරි මිටිකිරි වෙන් කරලා වෙන වෙනම තියාගන්න.

දැන් ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාන්න.ඒක රත් වෙනකොට අබ ටිකක්දාන්න.ඒ ටික පුපුරනකොට වේලිච්ච මිරිස් කරල් හතරක් පහක් කඩලා දාන්න.
රතුළූණු ,රම්පේ ,කරපිංචා ,එනසාල් කරාබුනැටි ,කුරුදු,තලාගත්ත සුදුළූණු ,ඉගුරු ඒ ටික දාලා බැදෙන්න අරින්න.
ඒ ටික බැදීගෙන එනකොට කැමති ප්‍රමාණයට මිරිස් කුඩු ටිකක් තෙලටම දාලා ටිකක් පාට වෙන්න බැදෙන්න අරින්න.
මිරිස් කුඩු ටික බැදිලා තද පාටට එනකොට ඒකට වතුර ටිකක් හෝ දිය කිරි දාලා ඒ එක්කම පොළොස් ටික එකතු කරගන්න.
ඊටපස්සෙ පොළොස් ඉදෙන ගානට දියකිරි දාගන්න.දියකිරි වෙනුවට වතුරෙන්ම උනත් තැම්බෙන්න අරින්න පුලුවන්.දැන් මේක මද ගින්දරේ ඉදෙන්න අරින්න.
පොළොස් ටික තැම්බිලා ඉස්ම ගතිය අඩු වීගෙන එනකොට මිටිකිරි ටික දාගන්න.මිටිකිරි පොළොස් වැහෙන ගානට දාල කලු කුඩු ටිකකුත් එකතු කරලා ලුනු රස අනුව බලලා මද ගින්නේ ඉදෙන්න අරින්න.

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you