Foodතේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

-

spot_img

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක් හදාගන්නෙ කොහොමද බලමු. ගෙදරදිම හදාගන්න නිසා නියම රසට වගේම පිරිසිඳුවට කන්නත් පුළුවන්. 

coconut-cake

අවශ්‍ය ද්‍රව්‍ය

• සිහින්ව ගාගත් පොල් 250g

• කිතුල් පැණි 340ml

• පාන් පිටි 150g  coconut-cake

• බිත්තර 03

• කුඩු කරගත් කරාබු නැටි, කරදමුංගු, කුරුදු මිශ්‍රණයෙන් තේ හැඳි 01

• බේකින් පව්ඩර් තේ හැඳි 01

• කපා ගත් රට ඉදි 100g

• කපා ගත් කජු 100g

• වියළි මිදි 50g

• වැනිලා තේ හැඳි 01

• ලුණු තේ හැඳි 01

සාදන ක්‍රමය

• කිතුල් පැණි ටික පෑන් එකකට දමා මද ගින්දරේ රත් කර ගන්න. පැණිටික ඔක්කොම දාන්නෙ නැතිව ටිකක් ඉතුරු කර ගන්න. (කිතුල් පැණි වෙනුවට පොල් පැණි, සීනි, හකුරු එහෙමත් අර ගන්න පුළුවන්.) දැන් එයට කුඩු කරගත් කරදමුංගු මිශ්‍රණය සහ ලුණු එකතු කරන්න. ඊළඟට පොල් ටික දාලා හොඳට කවලම් කර ගන්න. පොල් පැණි ටික තෙත ගතිය තියෙද්දී ලිපෙන් බා ගන්න.

coconut-cake

• මීළඟට බිත්තර ටික බීට් කර ගන්න. පිටි ටික බේකින් පව්ඩර් ටිකත් එක්ක කවලම් කර ගන්න. දැන් පොල් පැණි ටික හොඳට නිමුනාට පසු එයට බීට් කර ගත් බිත්තර ටික එකතු කරගෙන එයට පිටි ටිකත් එකතු කරලා කවලම් කර ගන්න. ඊට පස්සෙ කජු, රට ඉඳි, වියළි මිදි සහ වැනිලා ටික එකතු කර හොඳට කවලම් කර ගන්න. කේක් තැටියක දමා අවන් එකේ 180°C ක උෂ්ණත්වයක විනාඩි 45ක් පමණ බේක් කර ගන්න. කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ අවන් එකෙන් එලියට අරගෙන ඉතුරු කර ගත්පැණි ටික කේක් එක උඩින් ගාන්න. නිවුණ පසු කැබලිවලට කපා ගන්න.

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you