Foodඕනෑම කෑමකට හරියන අඹරැල්ලා චට්නි

ඕනෑම කෑමකට හරියන අඹරැල්ලා චට්නි

-

spot_img

ඕනෑම කෑමකට හරියන අඹරැල්ලා චට්නි

අඹරැල්ලා කියන්නේ ගොඩක් අය කැමති පලතුරක්. අමුවෙන් වගේම අඹරැල්ලා කරි එකත් ගොඩක් ජනප්‍රියයි. අඹරැල්ලා චට්නි එක අඹරැල්ලා කරියටත් වඩා රසයි. ඒ වගේම කල් තියාගෙන කන්නත් පුළුවන්. බත්, ඉඳි ආප්ප, ආප්ප වගේ කෑමත් එක්ක හොඳට ගැළපෙනවා. විටමින් C, විටමින් A, B, කැල්සියම් බහුලව අඩංගු අඹරැල්ලා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්නත්, ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය සඳහාත් හොඳ කෑමක්. රසම රස අඹරැල්ලා චට්නි එකක් හදාගන්නෙ කොහොමද කියලා බලමු. 

Amberella Chutney

• අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා 800g

සීනි 400g Amberella Chutney

ඉඟුරු පේස්ට් මේස හැඳි 1 1/2

සුදුළූණු පේස්ට් මේස හැඳි 01ක්

කුරුඳු කුඩු ස්වල්පයක්

කරාබු නැටි කිහිපයක්

විනාකිරි මේස හැඳි 02 ක් (කැමතිනම් පමණක්)

බැදගත් මිරිස් කුඩු තේ හැඳි 04 ක්

මිරිස් කුඩු තේ හැඳි 03 ක්

රස අනුව ලුණු

• සාදන ආකාරය

අඹරැල්ලාවල පොතු ඉවත් කර සෝදාගන්න. ඉන්පසු ඇට ඉවත්කර අවශ්‍ය ප්‍රමාණයට (තරමක් ලොකු) කෑලි කපා ගන්න. මැටි ඇතිලියක් ලිප තියා එයට සීනි ටික දාගන්න. සීනි ටික වැහෙන මට්ටමට වඩා වැඩියෙන් වතුර දමා සීනි හොඳින් උණු කර ගන්න. ඉන්පසු ඉඟුරු පේස්ට්, සුදු ලූණු පේස්ට්, කුරුඳු කුඩු, කරාබු නැටි සහ විනාකිරි ටික එකතු කරන්න.

Amberella Chutney

ඊළඟට අඹරැල්ලා එකතු කර හොඳින් කවලම් කරන්න. මූඩිය වසා තැම්බෙන්න හරින්න. රන්වන් පැහැයට හැරුණ පසු බැදගත් මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර මද ගින්දරේ තැම්බෙන්න හරින්න. මිශ්‍රණය හොඳට ඝන වෙනතුරු වරින් වර හැඳිගාමින් පිසගන්න. ලිපෙන් බාගෙන නිවුණු පසු පිරිසිඳු වියළි වීදුරු බෝතලයකට දමා හොඳින් වසා ගත්විට කල් තියාගෙන කෑමට ගන්නත් පුළුවන්.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you