Foodඅවන් එකක් නැතිව කේක් එකක්

අවන් එකක් නැතිව කේක් එකක්

-

spot_img

අවන් එකක් නැතිව කේක් එකක් – No Bake Blueberry Cheesecake

අවන් එකක් නැතිව හදන්න හොඳ dessert එකක් හොයන කෙනෙක්ට හරිම ලේසියෙන් හදන්න පුළුවන් දෙයක් තමයි Blueberry Cheesecake කියන්නෙ. බ්ලූබෙරි, ක්‍රීම්චීස්, කිරි එකතු කරලා හදන මේ කේක් එක හරිම රසවත්. තේ වෙලාවට වගේම උත්සව අවස්ථාවලටත් ගැළපෙනම dessert එකක් මේ. අවන් එකක් ඕනෙ නැති නිසාම මේක හරිම පොඩි වෙලාවකින් හදා ගන්න පුළුවන්. 

No Bake Blueberry Cheesecake

අවශ්‍ය දේවල්

Cookie Crust එකට

• කුකීස් ග්‍රෑම් 250 ක්
• මෙල්ට් කරගත්ත බටර් 125 g
• පෑන් එක ග්‍රීස් කිරීමට බටර් ස්වල්පයක්

Cheesecake Filling එකට                            No Bake Blueberry Cheesecake

• ක්‍රීම් චීස් 250g
• sweetened condensed milk 400 ml
• ලෙමන් යුෂ කෝප්ප ⅓ ක්
• වැනිලා තේ හැන්දක්

Blueberry Topping එකට

• canned blueberry 595 g

සාදන ක්‍රමය

• පෑන් එකේ බටර් ටිකක් ගාලා ග්‍රීස් කර ගන්න. ඊට පස්සෙ කුකීස් ටික සිහින්ව කුඩු කර ගන්න.(බ්ලෙන්ඩර් එකක් නැත්තම් කුකීස් පොලිතින් බෑග් එකක දාලා රෝලිං පින් එකකින් කුඩු කරගන්න පුළුවන්.) ඊළඟට මේ කුඩු කරගත්ත කුකීස්වලට මෙල්ටඩ් බටර් ටික එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්න.

• දැන් මේ මිශ්‍රණය ග්‍රීස් කෙරුව පෑන් එකට දාලා හැන්දකින් හරි වීදුරු කෝප්පයක පතුලෙන් හරි හොඳට තද කරලා ෆ්ලැට් එකට හදා ගන්න. මේක විනාඩි 20 ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න. ඒ අතරෙ ක්‍රීම් චීස් මිශ්‍රණය හදාගන්න පුළුවන්. භාජනයකට ක්‍රීම් චීස් දාලා හොඳට සොෆ්ට් වෙලා පිම්බෙන ගතියක් ලැබෙනකං බීට් කරගන්න. මේක හොඳට බීට් කරොත් තමයි කේක් එක සොෆ්ට් වෙන්නෙ. ඊට පස්සෙ මේකට condensed milk ටික ටික එකතු කර කර කැට ගතිය නැතිවෙනකං බීට් කරගෙන ලෙමන් යුෂ සහ වැනිලාත් එකතු කරලා කවලම් කර ගන්න.

No Bake Blueberry Cheesecake

• දැන් ෆ්‍රිජ් එකෙන් චීස්කේක් එක එළියට අරගෙන හදාගත්ත චීස්කේක් මිශ්‍රණය කේක් එක පුරාම හොඳට පැතිරෙන විදිහට වත් කරන්න. ඊට පස්සෙ පැය 4 ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. චීස් කේක් එක පිළිගන්වන්න කලින් ශීත කළ බ්ලූබෙරි ටොපින් එක අතුරගන්න. කැමති නම් නැවුම් බ්ලූබෙරීස්, මින්ට් කොළ හෝ අයිසිං ෂුගර් දාලා හැඩ කර ගන්න පුළුවන්. දවසක් වගේ ෆ්‍රිජ් එකේ තියලා සීතලෙන්ම කෑමට ගනිද්දි මේ කේක් එකේ සොෆ්ට් ගතිය සහ රස වැඩියි.

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you