NewsUS import taxes ශ්‍රී ලංකාව ඉහළම බදු අයකරන රටවල්...

US import taxes ශ්‍රී ලංකාව ඉහළම බදු අයකරන රටවල් අතරට

-

spot_img

US import taxes – ඕනෑම රටකින් ඇමෙරිකාවට ආනයන කරන භාණ්ඩ සඳහා සියයට දහයක අවම බද්දක් පැනවීමට එරට ජනාධිපති ඩොනල්ඩ්රම් තීරණය කර තිබෙනවා. නව බදු හේතුවෙන් බලපෑමට ලක්වන රටවල් ගණන සියයක්. එහි වැඩිම බදු ප්‍රතිශතය වන 49% පනවා ඇත්තේ කාම්බෝජයටයි. ශ්‍රී ලංකාවට ද 44% ක බද්දක් පනවා තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවද අයත් වන්නේ ඉහළම බදු ප්‍රතිශතයක් අය කරන රටවල් අතරටයි. චීනයට 34% ක්, ඉන්දියාවට 26% ක්, ජපානයට 24% ක්, පාකිස්ථානයට 29% ක් ඇතුළුව ආසියානු රටවලට ඉහළ බදු ප්‍රතිශතයක් අය කර තිබීම විශේෂත්වයක්. සිංගප්පූරුවටද 10% බද්දක් පනවා තිබෙනවා. ආසියානු රටවල් ඉලක්ක කර 10% සිට 49% දක්වා ඉහළ බදු පනවා තිබීමද කැපී පෙනෙන තත්ත්වයක්. යුරෝපා සංගමයට ද 20% බදු පනවා ඇති අතර ස්විස්ටර්ලන්තයටද 37% ක බද්දක් පනවා තිබෙනවා. යුරෝපා සංගමයට පනවා ඇති බදු රටවල් විසි හතකට බලපානු ඇති.

ජනාධිපති ටොනල්ඩ් රම් විසින් ම මෙලෙස නව බදු පනවන රටවල් සියයක ලැයිස්තුවක් මේ වන විට එළි දක්වා තිබෙනවා. මෙම නව බදු අප්‍රේල් පස්වන දින සිට ක්‍රියාත්මකයි. කැනඩාව හා මෙක්සිකෝ සඳහා මීට පෙර පනවා තිබූ බදු හැර නව බද්දක් පනවා නැහැ. මෙයට පෙර එම රටවල් සඳහා 25%ක තීරු බදු පනවා තිබුණා. එමෙන්ම ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහාද 25%ක නව තීරු බද්දක් හඳුන්වා දී තිබෙනවා. නව බදු ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, බදු පැන වූ දිනය ඇමරිකාවේ විමුක්ති දිනය ලෙස හඳුන්වන බවයි. එමගින් ඇමරිකාවට ස්වර්ණමය යුගයක් උදාවන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් ඇතැම් ලෝක නායකයින් මේ පිළිබදව කළකිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර උත්සන්න වන වෙළඳ යුද්ධයක් පිළිබඳවද අනාවැකි පළ කළ බවයි වාර්තා වන්නේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you