NewsDigital සේවා සැපයුම් ආදායමට අපනයන බද්දක්!

Digital සේවා සැපයුම් ආදායමට අපනයන බද්දක්!

-

spot_img

Digital – උපයන විට බදු නිදහස් සීමාව මසකට රු.100,000.00 සිට 150,000.00 දක්වා ඉහළ ගිය බව ප්‍රකාශ වෙනවා. දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් K T චන්දන පැවසුවේ පොලී ආදායම මත මෙතෙක් අය කළ බදු අද සිට සංශෝධනය වන බවයි . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ, පොලී ආදායම් මත බදු අඩු කරද්දි කලින් තිබූ තත්වය දැනගත යුතු බවය. කුමන හෝ ආදායමක් හෝ පොලි ආදායමක් ඇත්නම් රඳවා ගැනීමේ බද්ධ අඩුකරන එක සිදුවූ නමුත් නව ක්‍රමවේදය අනුව එය සිදුවන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවා යන පුද්ගලයන්ගෙන් පමණක් බවත්ය. එම බදු අනුපාතය 10% බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විදෙස් රටවල් සඳහා Digital සේවා සපයා ලැබෙන ආදායමට 15% උපරිමයට යටත්ව බදු අය කරන සේවා අපනයන බද්ධ ද අද සිට ක්‍රියාත්මකයි. එමෙන්ම යම් දේපලක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුද අද සිට ඉහළ යනවා. ඒ අනුව රු.1000.00 හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් අය කළ රු.10.00 මුද්දර ගාස්තුව අද සිට ඉහළ යන්නේ රු.20.00 දක්වායි. කෙසේ වෙතත් උපයන විට බදු සීමාව හෙවත් Payee Tax සංශෝධනය වීමත් සමඟ මාසිකව 150.000.00 වැටුපක් ලැබූ පුද්ගලයකුගෙන් මෙතෙක් අය කළ රු.3500.00 ක බද්ද අද සිට අය කෙරෙන්නේ නැහැ. රු.200,000.00 මාසික වැටුපක් ලැබූ අයකු මීට පෙර රු.10,500.00 බද්දක් ගෙවූ අතර ඔහු දැන් ගෙවිය යුත්තේ රු.3000.00 පමණයි. එමෙන්ම ඕනෑම තැන්පතු හිමියකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත 10% ක ප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අය කිරීමද අද සිට ක්‍රියාත්මක වනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ වාර්ෂික ආදායම රු.1,800,000.00 අඩු පුද්ගලයින්ට තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා ගෙවන අත්තිකාරම් බදු ඉවත් කර ගැනීම සඳහා සහනයක්ද ඉල්ලා සිටිය හැකි බවයි. අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරන්නේ නම් අදාළ බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඊට අදාළ ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් වේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you