ArtTupac Shakur ඝාතකයා පාතාල කල්ලි නායකයෙක්

Tupac Shakur ඝාතකයා පාතාල කල්ලි නායකයෙක්

-

spot_img

Tupac Shakur – ජනප්‍රිය Hip-hop ගායකයෙකු වූ Tupac Shakur ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු පොලීසිය හිටපු පාතාල කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.1996 දී ලාස් වේගාස් හි රිය පදවමින් සිටියදී 25 හැවිරිදි මෙම රැප් ගායකයාට වෙඩි ප්‍රහාර හතරක් එල්ල කොට මරා දමා තිබිණි. ඇමරිකානු සංගීත ලෝලීන්ගේ අවධානයට ලක්ව තිබු මෙම මිනීමැරුම පිළිබඳව විභාග කිරීමට ඊයේ [29], Nevada හි රැස්වූ ජූරි සභාව 60 හැවිරිදි හිටපු පාතාල කල්ලි නායක Duane Davis නොහොත් “Keffe D” හට මිනීමැරුම් චෝදනා ගොනු කර ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

Tupac Shakur

මෙම ඝාතනයට හේතුව ලෙස පොලීසිය පවසන්නේ, පාතාල කල්ලි නායකයාගේ බෑණා කෙනෙකු සමඟ මියගිය ගායකයා කැසිනෝ අවන්හලකදී ඇති වූ ගැටුමක් දුරදිග යැම බවයි. මිනීමැරුම් චෝදනා ලද කල්ලි නායකයා ඊයේ අළුයම ඔහුගේ ලාස් වේගාස් නිවස අසළදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විමර්ශන සිදුකළ ලොස් ඇන්ජලීස් පොලිසියේ විශ්‍රාමික රහස් පරීක්ෂක Greg Kading, Associated Press වෙත පවසා තිබුණේ, ඩේවිස් අත්අඩංගුවට ගැනීම ගැන තමා පුදුම නොවන බවත් “අනෙක් සියලුම සෘජු කුමන්ත්‍රණකරුවන් හා සහභාගී වූවන් මිය ගොස් ඇති බැවින් මේ නඩුවේ අන්තිම මිනිහා” යනුවෙනි. 1996 සැප්තැම්බර් 7 වන දින සැකකරුගේ බෑණා වන Orlando Anderson සහ ගායකයා අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව සැකකරුගේ බෑණා රෝහලේදී මිය ගොස් තිබේ. ගායකයාට වෙඩි තබා ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවයි වාර්තා වන්නේ.

Tupac Shakur

වේදිකාවේදී 2Pac යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද මොහුගේ පළමු ගීත ඇල්බමය 2Pacalypse Now නමින් 1991 දී නිකුත් වූ අතර ලොව පුරා මිලියන 75කට වඩා අලෙවි වාර්තා තැබූ ගීත ඇල්බම් අතර Strictly 4 My N.I.G.G.A.Z, Me Against the World, All Eyez on Me ඇල්බම් පෙරමුණ ගනී. එමෙන්ම ඔහු රංගනයෙන් දායක වූ Juice, Poetic Justice, Above the Rim, Gridlock’s සහ Gang Related වැනි චිත්‍රපටද අතිශය සාර්ථක විය.

Tupac ShakurTupac Shakur

-BBC News ඇසුරෙනි- by Andre Rhoden-Paul & Jaroslav Lukiv

Photo Credits: www.bbcnews.com / www.hdwallpaper.nu

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you