NewsPope Francis - සමලිංගික විවාහ ගැන පාප් වහන්සේගේ අදහස

Pope Francis – සමලිංගික විවාහ ගැන පාප් වහන්සේගේ අදහස

-

spot_img

Pope Francis – සමලිංගික යුවලක් වෙනුවෙන් ආශිර්වාද කිරීමට තමා ඕනෑම මොහොතක සුදානමින් සිටින බව පාප් වහන්සේ පසුගිය දිනක ප්‍රකාශ කළ බවට වාර්තා වේ. මේ පිළිබදව විමසීමක් කළ කාදිනල්වරු පිරිසකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ ආශිර්වාදය සදහා වන ඕනෑම ඉල්මලීක් “එඩේර පුණ්‍යකර්මයක්” ලෙස සැලකිය යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, “ප්‍රතික්ෂේප කරන සහ බැහැර කරන අයව අපට විනිශ්වය කළ නොහැකි” බවයි. පල්ලිය තවමත් සමලිංගික සබදතා සලකන්නේ “වෛෂයිකව පව්කාර” ක්‍රියාවක් ලෙසටයි. එමෙන්ම පල්ලිය සමලිංගික විවාහද අනුමත නොකරයි. ලබන බදාදා වතිකානුවේදි පැවැත්වීමට නියමිත පල්ලියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කෙරෙන ගෝලීය එකමුතුවේ සාකච්ඡා වලට පෙර පාප් වහන්සේ වෙත මෙම ගැටළුව යොමු කළ බව කියැවේ. සාමාන්‍යයෙන් කතෝලික සභාව තුළ ආශිර්වාදය යනු, දේව සේවකයකු විසින් ඉදිරිපත් කරනු ලබන යාතිකාවක් හෝ ආයාචනයක් වන අතර, දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබන පුුද්ගලයා හෝ පුද්ගලයන් දෙස යහපත් ලෙස බලන මෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලබන බව පිළිගැනීමයි. බෙල්ජියම සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක බිෂොප්වරු සමලිංගික යුවල සඳහා ආශිර්වාද කිරීමට පුජකවරුන්ට අවසර දීමට පටන්ගෙන ඇති නමුත්මේ පිළිබදව පල්ලියේ බලධාරීන්ගේ ස්ථාවරය මේ දක්වා අපැහැදිලි බව සදහන්වේ.

Pope Francis2021 වසරේදි වතිකානුවේ න්‍යායික සභාව මෙම පිළිවෙතට ඉඩ නොදීමට තීන්දු කළ බව වාර්තාවූ නමුත් නවතම ඉල්මලීට ප්‍රතිකාර දක්වමින් පාප් වහන්සේ කියා සිටියේ විවාහය “පිරිමියෙකු සහ ස්ත්‍රියක් අතර ඇති සුවිශේෂී ස්ථාවර සහ නොබිදිය හැකි එකමුතුවක්” ලෙස පල්ලිය තේරුම්ගෙන ඇති අතර “මෙම විශ්වාසයට පටහැනි ඕනෑම ආකාරයක චාරිත්‍ර හෝ සම්ප්‍රදායන් වලින් වැළකී සිටිය යුතු බවත්ය. නමුත්,”ආශිර්වාදය ඉල්ලා සිටි විට, එය උපකාරය සදහා දෙවියන් වහන්සේට කරන ආයාචනයක්, වඩා හොදින් ජීවත්විමට කරන අයැදීමක්. විවාහය පිළිබඳ වැරදි සංකල්පයක් ප්‍රකාශ නොකරන ආශිර්වාද ආකාර එඩේර පුණ්‍යකර්මයක් ලෙස වටහා ගත යුතු බව” උන්වහන්සේ පැවසු බවට වාර්තා වේ. එහි වැඩිදුරටත් සදහන් වුයේ සමලිංගික යුවලකට නීත්‍යානුකූල විවාහයකින් පසුව දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට Angalican පල්ලියකට යා හැකි බවයි.

-BBC News ඇසුරෙනි- by Aleem Maqbool [Religion editor] Christy Cooney [Rome and London]

Photo Credits: www.gettyimages.com / www.salon.com

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you