NewsThreat තවත් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

Threat තවත් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

-

spot_img

Threat – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්ච්ට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. ඊයේ [ජුලි 15] මෙම මරණ තර්ජනය සිදුකර ඇත්තේ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකක අලවන ලද පෝස්ටර් මඟිනි.

Dr. Asitha Kosala Thanippuli Arachchi

“වහාම කැකිරාවෙන් පලයන් නොගියොත් උඹටත් ක්ලබ් වසන්තට කරපු දේ කරනවා” යන අදහස සහිත පෝස්ටර් අලවා, එම කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකට කළු තෙල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අයුරු දැක, කාර්යාලයේ සෙසු නිලධාරීන් විසින් කැකිරාව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙම අවස්ථාවේ වෛද්‍යවරයා කාර්යාලය තුළ සිට නොමැති අතර ආහාර පනත යටතේ මරදන්කඩවල සහ ගනේවල්පොළ ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයකයින් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගොස් සිටි බව වාර්තා වේ.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you