More
    NewsMahinda and Sirisena ජනපති ලෙස හෙලිකොප්ටරෙන් ගිය දුර

    Mahinda and Sirisena ජනපති ලෙස හෙලිකොප්ටරෙන් ගිය දුර

    -

    spot_img

    Mahinda and Sirisena හිටපු ජනාධිපති වරුන් ලෙස මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගුවන් සංචාරය කල වාර ගණන හෙළිදරව් වී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුල අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පස් අවුරුදු ධුර කාලය තුළ ගුවන් ගමන් සඳහා 557 වතාවක් හෙලිකොප්ටර් යොදා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු වලින් අනාවරණය වෙනවා.

    ගුවන් හමුදා මූලස්ථානයෙන් 2022 දෙසැම්බර් 5 වන දින මුලින් ඉල්ලා සිටි තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු “අද” පුවත්පත විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තොරතුරු ලබාදී තිබෙන්නේ.

    “අද” පුවත්පත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද එම අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, 2024 ජූලි 11 වන දිනගුවන් හමුදා මූලස්ථානය තොරතුරු ලබා දී ඇති නමුත් ලබා දී ඇත්තේ ඉල්ලා සිටි තොරතුරු වලින් කොටසක් පමණකි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරප්‍රසාදය යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් අභ්‍යන්තර ගුවන් ගමන් කර ඇති බව එම තොරතුරු අනාවරණය කරයි. ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගමන් කල වාර ගණන හැර දුර ප්‍රමාණය තොරතුරු වල වාර්තා වී නොමැත.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයකු අත්අඩංගුවට

    කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක්, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
    - Advertisement -spot_img

    Doughnut දරුවො ආසම කෑමක්

    Doughnut දරුවො ආසම කෑමක් පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday...

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ Margaret Qualley කලා පවුලක සාමාජිකාවක් වුණ Margaret Qualley විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් නිළියක්....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page