ArtTeri Baaton Mein Aisa Uljha Jiya හැඟීම් විරහිත මිනිස්...

Teri Baaton Mein Aisa Uljha Jiya හැඟීම් විරහිත මිනිස් රූප වලින් පරෙස්සම් වන්න!

-

spot_img

Teri Baaton Mein Aisa Uljha Jiya – ඇබ්බැහිවීම් ඔබට ඔබව අහිමි කරනවා. ඔබ යමකට ඇබ්බැහිවූ විට එය විසින් ඔබව පාලනය කරනවා. ඉන් අත්මිදෙන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ප්‍රේමය ඇබ්බැහියක්. ඇතැම් විට ඔබට හැඟීම් දැනීම් නොමැති මානව රූපී චරිත මුණගැහේවි. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න…!

Teri Baaton Mein Aisa Uljha Jiya

මුම්බායි නගරයේ ජීවත්වුන ආර්යන් රොබෝ ඉංජිනේරුවරයෙක්. කඩවසම් ආර්යන් ගේ නැන්දා උර්මිලා රොබෝටික් සමාගමක හිමිකාරිනියක්. ඇය ජීවත්වුණේ ලොස් ඇන්ජලීස්වල. නැන්දව මුණගැහෙන්න ලොස් ඇන්ජලීස් ගිය ආර්යන්ට ඇයගේ ලේකම්වරිය සිෆ්රා මුණගැහෙනවා. ඇය සුරඟනක් තරම් රූමත්. ආර්යන් සහ සිෆ්රා පෙම්වතුන් වන්නේ බොහොම ඉක්මනින්. ඔහු ඇයට ඇගේ සුන්දරත්වයට වසඟවී සිටියා. සුන්දර රාත්‍රියකට පස්සෙ උදෑසනක ඔහු අසල නිදා සිටි සිෆ්රා සිහිසුන්ව සිටියා. එවෙලෙහි ඔහුගේ නැන්දාත් පැමිණ සිටි නිසා ආර්යන් කළබල වී සිටි අතර සියල්ල දැනගත් උර්මිලා සිහිසුන්ව මෙන් සිටි සුන්දර සිෆ්රා සමීපයට පැමිණ ඇගේ අතගෙන එය චාර්ජ් කරන්නට ගත්තා. සිෆ්රා නොහොත් උර්මිලාගේ ලේකම්වරිය මානව රූපී රොබෝවරියක් බව ඔහු දැනගන්නා විට සියළු දේ සිදුව හමාරයි. ප්‍රේමය ඉපදී අවසන්. රොබෝවන් පිළිබඳ සියල්ල දත් ඉංජිනේරුවරයාට පවා වැඩ වැරදී තිබුණා.

Teri Baaton Mein Aisa Uljha Jiya

ඉතින් ආර්යන් තීරණය කළා සිෆ්රාව ඉන්දියාවට රැගෙන යන්න. ඔහු ඇයව තම දෙමව්පියන්ට පෙන්නුවා. ඔවුන් සියල්ලන්ම ඇගේ සුන්දරත්වයට වශී වී සිටියා. ඒ විතරක් නෙමේ, ගොඩක් දේවල් දන්න, විස්සකට තිහකට උනත් එකවර ඉවුම් පිහුම් කරන්න දන්න සිෆ්රා ගැන ඔවුන් පුදුම වුණා. ඒ සිදුවීම් බොහොම හාස්‍යජනකයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඉක්මණින්ම කිරීමට කටයුතු යෙදුණා. ඇය මනුෂ්‍යයෙකු නොවන බව උර්මිලා සහ ඔහු හැරෙන්නට කිසිවෙක් දැන සිටියේ නැහැ. ඇයගේ මතකය ඉක්මනින් නැතිවී යා හැකියි. ඈ තුළට වෛරස ඇතුල් විය හැකියි. ඇතැම් විට ඇය බොහොම භයානක විය හැකියි.

Teri Baaton Mein Aisa Uljha Jiya

Teri Baaton Mein Aisa Uljha Jiya සිනහව අස්සෙම අපිට දෙයක් මතක් කරලා දෙනව. සොබාදහමේ නිර්මාණ ඉක්මවා යන්න සමත් කිසිවෙක් නැහැ. අනිත් කාරණය තමයි ඔබ වඩාත් හඳුනනම දෙය ඔබ වඩාත් කැමති දෙයම ඇතැම්විට ඔබව අතරමං කර දමාවි. ඔබව හසුකරගන්නේ ඔබ වඩාත්ම ආදරය කරන දෙය විසින්. ආදරය ඔබව නතු කරගන්නවා. සීමා විරහිතවම..!

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you