ArtTaras Shevchenko යුක්‍රේන කවියක් නිසා රුසියානු තරුණියකට සිර දඬුවම්

Taras Shevchenko යුක්‍රේන කවියක් නිසා රුසියානු තරුණියකට සිර දඬුවම්

-

spot_img

Taras Shevchenko නම් යුක්‍රේන කවියෙක්ගේ කවියක් ඔහුගේ ප්‍රතිමාවක් මත ඇලවීමේ වරදට දහ නව හැවිරිදි Darya Kozyreva නම් රුසියානු යුවතියට සිර දඬුවම් නියම කර තිබෙනවා. ශාන්ත පීටර්ස්බර්ග් අධිකරණය විසින් මෙම යුවතියට වසර දෙකයි මාස අටක සිර දඬුවම් නියම කර තිබෙන්නේ රුසියානු හමුදාව අපකීර්තියට පත් කිරීමේ චෝදනාව මතයි.

2024 පෙබරවාරි මාසයේ ඇය අත්අඩංගුවට පත් වෙන්නේ යුක්‍රේන කවියාගේ ප්‍රතිමාව මත ඔහු විසින් ලියූ My Testament නමැති පද්‍යයේ කොටසක් උපුටා ඇලවීම හේතුවෙන්. එම උපුටනයේ “Oh bury me, then rise ye up / And break your heavy chains / And water with the tyrants’ blood / The freedom you have gained,” ලෙසින් සඳහන් වෙනවා.

රුසියානු යුද්ධය බිහිසුණු සහ සාපරාධි ලෙසින් හැඳින්වීම ඇයට එරෙහි චෝදනා වන අතර තමා සිදු කළේ කවියක් උපුටා දැක්වීම පමණක් බවත් ඉන් එහා වෙන කිසිවක් නොකළ බවත් ඇය අදහස් දක්වා තිබුණා. මින් පෙරද ඇය මෙවැනි අත්දැකීම්වලට මුහුණපා තිබෙනවා. 2022 වසරේ ශාන්ත පීටර්ස්බර්ග්වල යුක්‍රේන මරියපෝල් නිවුන් දරුවන් වෙනුවෙන් කැප වූ ස්ථානයකදී “Muderers, You Bombed it. Judases” යනුවෙන් සටහන් කිරීම නිසා ඇය අත්අඩංගුවට ගත්තා. යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය ගැන සමාජ මාධ්‍යයේ සටහනක් තැබීම නිසා ඇයව විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමුවා. ඇයට එරෙහි චෝදනා විකාර සහගත ඒවා බව රුසියාවේ මානව හිමිකම් සංවිධානයක් වෙන මෙමෝරියල් සඳහන් කරනවා.

සිය රටේ තරුණ පරපුර අතර යුධ විරෝධී මත පැතිරීම වැළැක්වීමට රුසියාව දැඩි උත්සාහයක් ගන්නවා. සිර දඬුවම් නියමවූ තරුණිය අධිකරණයේ සිට සිය ආධාරකරුවන්ට අත වනමින් සිනාසෙමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණා.

CNN News ඇසුරිනි –

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you