NewsSydney NSW ඊශ්‍රායල ජාතිකයින් මරා දමන බවට තර්ජනය කළ...

Sydney NSW ඊශ්‍රායල ජාතිකයින් මරා දමන බවට තර්ජනය කළ හෙදියන්

-

spot_img

Sydney NSW – ඊශ්‍රායල ජාතික සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවෙකු වන Max Veifer නැමැත්තා විසින් පසුගිය බදාදා (පෙබ.12) සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතී. එම වීඩියෝවට අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ පිහිටි Bankstown රෝහලේ හෙද කාර්ය මණ්ඩලයෙහි සේවකයින් දෙදෙනෙකු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක් සිදු කරනු ලබයි. එම සංවාදයෙහි අඩංගු ආන්දෝලනයට තුඩුදෙන ප්‍රකාශයන් වන්නේ “සිය රෝහලට පැමිණෙන ඊශ්‍රායල ජාතිකයින්ට තමන් ප්‍රතිකාර නොකරන බවත් ඔවුන්ව මරාදමන බව සහ මීට පෙරාතුව තමන් එසේ කර ඇති” බව ය.

මැක්ස් වෙයිෆර් නම් ඊශ්‍රායල ජාතිකයා මුදාහරින ලද වීඩියෝවේ සිටින Ahmad Rashad Nadir සහ Sarah Abu Lebdeh යන හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා රෝහලේ නිල ඇඳුමින් සැරසී එම ප්‍රකාශය සිදුකරනු ලැබීම සිද්ධියෙහි බරපතල බව ප්‍රකාශ කෙරෙයි. මේ වන නිව් සවුත් වේල්ස් හි හෙද සහ වින්නඹු මාතාවන්ගේ කවුන්සිලයේ ක්ෂණික ක්‍රියාකාරී බලතල යටතේ මෙම හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (AHPRA) තහවුරු කර තිබේ. ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පවසන පරිදි පරීක්ෂණ අවසන් වනතුරු මෙම හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාට ඕස්ට්‍රේලියාවේ කිසිම ස්ථානයක, කුමන පදනම යටතේවත් සේවය කළ නොහැකිය.

නිව් සවුත් වේල්ස් හි පොලිස් කොමසාරිස් Karen Webb සිඩ්නි ABC රේඩියෝව සමඟ කළ සංවාදයකදී පවසා සිටියේ, ඔවුන් මෙම වීඩියෝව සමාජගත කළ මැක්ස් වෙයිෆර් ව Chatruletka cam chat app තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත් බවත්, එම වීඩියෝවේ සංස්කරණය නොකළ පිටපතක් පොලිස් පරීක්ෂණ සඳහා ලබාදීමට ඔහු එකඟ වූ බවත් ය. කෙසේ නමුත්, “රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු හෙදියන් මෙලෙස හැසිරීම තමා කම්පනයට පත් කළ අතර එවන් හැසිරීමක් තුළ තමා විශ්වාස කරන්නේ කාවද යන්න ඔහුට සිතාගත නොහැකි” බව වීඩියෝව මුදාහළ මැක්ස් වෙයිෆර් නම් ඊශ්‍රායල ජාතිකයා පවසා තිබිණි. හෙදියන් සමාජයට නිරාවරණය කිරීමට සිදුවුයේ එවන් පසුබිමක බැවින් මෙම සිද්ධිය “බැරෑරුම්” ව ගන්නා ලෙස ඔහු ඕස්ට්‍රේලියානු රජයෙන් ඇයද සිටින බව සඳහන්.

මෙම හෙදියන් දෙදෙනාගේ “අශෝභන සහ වෛරී ප්‍රකාශයන් කිසිසේත්ම ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය නියෝජනය නොකරන” බවත් හෙදියන් රෝගීන්ට සැලකීම පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කිසිවෙකුට සෘජු බලපෑමක් සිදු නොවන බවට වග බලා ගන්නා බවත් ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර තිබිණි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය Chris Minns පවසනුයේ “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම සේවකයෙකුටම එකම වෛරය හෝ එකම අදහස් නොමැති බවට තමාට පොරොන්දු විය නොහැකි නමුත් ඕස්ට්‍රේලියානු රජයේ නව නීති සම්පාදන ක්‍රියාවලියේදී “වෛරී අපරාධ, යුදෙව් විරෝධී සහ පොදුවේ වර්ගවාදයට එරෙහිවීම” පිළිබඳව කරුණු සැළකිල්ලට ගතයුතු බවයි.

Sky News සමඟ අදහස් දැක්වූ මෙම වීඩියෝව නිකුත් කළ Max Veifer සඳහන් කර තිබුණේ “ඕස්ට්‍රේලියාව තුළත් මෙවැනි යුදෙව් විරෝධයක් තිබීම පිස්සුවක්” බවයි. ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහිව අදාළ ප්‍රකාශ සිදුකළ එක් හෙද කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ නසීර් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, “තම සේවාදායකයා සමස්ත යුදෙව් ප්‍රජාවෙන්ම ඉතා අවංකව සමාව අයැද සිටින” බවයි. එමෙන්ම සාරාගේ සොලිස්ටර්වරිය පවසන ආකාරයට තම සේවාදායිකාව මේ මොහොතේ “ඉතා හැඟීම්බර සහ කළකිරීම්” තත්වයේ පසු වෙයි.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you