ArtSorry Baby ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ

Sorry Baby ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ

-

spot_img

Sorry Baby – නිරතුරුවම පාහේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ ලෝකය මොනතරම් විෂ සහිත තැනක් ද කියන දේ වැටහෙනව. ලෝකය පිරී තියෙන්නෙ වෛරයෙන්, වංචාවෙන් සහ රැවටීමෙන්. ගොඩක් වෙලාවට බහුලවම අසාධාරණයන්ට කෲරකම්වලට හසුවෙන්නෙ කුඩා ළමයින් සහ කාන්තාවන්. නොදුටු අයෙක්ගෙ සිතක් පවා සසල වෙන තරමට ඇතැම් කෲරකම් ප්‍රබලයි. සමහරවිට අපේ සිත්වලට පවා ඔවුන් වෙනුවෙන් යමක් කළ නොහැකිවීමේ වරදකාරීත්වය දැනෙන්න ගන්නවා.

Sorry Baby

” I’ m sorry that bad things are going to happen to you “

Sorry Baby

 

Agnes තරුණ මහාචාර්යවරියක්. නිහඬ නිස්කලංක පෙදෙසක ඇය ජීවත්වුණේ තනිවම. මේ අතර ඇයගෙ මිතුරිය Lydie ඇයව මුණගැහෙන්න එන්නෙ තමා මවක් වීමේ ආරංචියත් රැගෙනයි. මේ මහාචාර්යවරිය කාලය ගත කළේ ඛේදවාචකයක කම්පනයත් එක්ක. ඇයව ලිංගික අතවරයකට පත්වෙලා තිබුණා. ඒ කම්පනය ඇයට ඇයගෙ වත්මන් ජීවිතයට බලපෑම් එල්ල කරමින් පැවතුණා. වෙන්වීම්, හැරයාම් ගොඩක් වෙලාවට කාලයත් එක්ක අපේ සිතෙන් ඉවත්ව ගියත්, ඛේදවාචක කිසිදිනෙක අපේ ජීවිතෙන් ඉවත්වෙලා යන්නෙ නැහැ. අපිට සිද්ධවෙනව ඒවත් එක්ක ජීවත්වෙන්න.

 

Sorry, Baby ඉදිරියට ඇදෙන්නෙ Agnes ගෙ ජීවිතේ එක්ක. ඇය කම්පනයත් සමග සිය එදිනෙදා ජීවිතය ඉදිරියට රැගෙන යන අන්දම, ඇගේ සබඳතා යනාදී දේවල් එක්ක. ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ. නිසැකවම අපිට අමිහිරි සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනව. ඉතින් ඒවායෙන් ඇතිවූ කම්පනයෙන් හැකිතාක් මිදිලා ජීවිතේ ඉස්සරහට අරන් යන එකයි අපි කළ යුතු වන්නෙ. ඇතැම් විට අපිට හිතෙනව නපුරු වෙන්න, පළි ගන්න. එවිට සිද්ධවෙන්නෙ අපිත් මේ ලෝකෙ ඉන්න කෲර මිනිස්සුන්ගෙන් කෙනෙක් බවට පත්වෙන එක. හානිදායක තත්වයන්ගෙන් හැකි තරම් ප්‍රවේශම්වෙලා , ලෝකයට සමාව දීලා, ජීවිතේ ඉදිරියට අරන් යද්දි ජීවිතේ පහසු වේවි. සොබාදහම නිසැකවම ඔබව රැකබලා ගනීවි.

Sorry Baby

 

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you