NewsSocial media Harassment නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍ය දමන බවට...

Social media Harassment නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍ය දමන බවට තර්ජනය කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

-

spot_img

Social media Harassment – තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින බවට තර්ජනය කළේ යැයි කියන තරුණයකු සැප්තැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබේ. අදාළ තරුණිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරන ලද පැමිණිල්ලක් අනුව මෙහෙයවූ පරීක්ෂණවල ප්‍රථිපලයක් ලෙස මෙම තීන්දුව ලබා දී ඇතැයි සඳහන්.

අදාළ තරුණිය හා තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති කාලය තුළ, ඔවුන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදුණු අවස්ථාවක් සැකකාර තරුණයා විසින් ඇයගේද කැමැත්ත ඇතිව වීඩියෝ ගත කර තිබෙන අතර පසුව ඔහු විසින් වට්ස්ඇප් පණිවිඩ හරහා එම වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තමාට තර්ජනය කළ බව තරුණිය පැමිණිලි කර තිබිණි.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ, බෙදා හැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර අධිකරණයෙන් ඉල්ලා සිටියේ, වීඩියෝ දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව ලබාගෙන ඇති බැවින්, තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි. නමුත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණයා සැප්තැම්බර් මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you