NovelsShort StoriesShort Story හෑන්ක් මාමාගේ හිසරදය

Short Story හෑන්ක් මාමාගේ හිසරදය

-

spot_img

Short Story – එය 1967 වර්ෂයේ උණුසුම් දහවලකි. අපේ ගෙදර මිදුලේ පාසල් බසය නැවැත්වූ බෙවර්ලි නැන්දා බසය තුළට ගොස් යළිත් වතාවක් එතුළ පරීක්ෂා කර බැලුවේ මග හැරුණු ළමුන් සිටීමට පුළුවන් නිසාවෙනි. හෑන්ක් මාමාට හිසරදයක් හැදුන නිසාවෙන් අද බෙවර්ලි නැන්දා පාසල් බසය පදවාගෙන ගියාය. මම මගේ තුන් හැවිරිදි ඥාති සොහොයුරියට පඩිපෙල බැසීමට උපකාර කරමින් සිටියෙමි. හෑන්ක් මාමා නිවසෙන් එලියට ආවේය. සාමාන්‍යයෙන් නම් ඔහු නිතරම ගරාජයට වී සිටියි.

“හායි කෙල්ලනේ….මේ බලන්නකෝ මේ පිඹුරු පැටියා”

ඔහු අඩි දෙකක් පමණ දිගැති සර්පයෙක් ඔසවාගෙන කීවේය. ටෙරී ඈන් ඔහු වෙත දිව ගියාය.

“අපි එයාව අල්ලමු තාත්තේ”

බෙවර්ලි නැන්දා ටෙරීව අල්ලා ගත්තාය.

“ඔයාට පිස්සු හැදීගෙන එනවද හෑන්ක්….කරුණාකරල ඔය සර්පයව අයින් කරන්න….”

නැන්දා ටෙරී සමග නිවස තුළට ගිය අතර මම හෑන්ක් මාමා සමග නතර වූණෙමි. සර්පයා ඉතාම ලස්සන බව මම සිතුවෙමි. උගේ ඇස් බලුපැටියෙකුගේ මෙන් වටකුරු වූ අතර කොරපොතු සහිත සම දිලිසුණි. මම ඌ පාසලට ගෙන යා හැකිදැයි ඇසුවෙමි. මගේ පන්තියේ ළමුන් ඉරිසියාවෙන් පුපුරනු ඇත.

” හරි අපි එයාව අරන් යමු චාලට්….යන්න ගිහිං එයත් එක්ක සෙල්ලම් කරන්න.”

මම ඌට තට්ටුවක් දැමුවෙමි. උගේ සම වියළිය.

“මෙයාගෙ නම මොකක්ද?”

“බ්‍රවුසර්.”

බ්‍රවුසර්! ඒ නම ඔහුව සතුටට පත් කළ බව පෙණුනි. ඔහු ගීයක් මුමුණමින් බ්‍රවුසර්ව කූඩුවට රැගෙන ගියේය. මම කුස්සියට යන විට බෙවර්ලි නැන්දා ටෙරී ඈන්ට මිදියුෂ පිරිනමමින් සිටියාය. ඉන්පසු හෑන්ක් මාමා පැමිණි අතර ඔහු සිය තට්ට හිස වටා සර්පයාව ඔතාගෙන සිටියේය.

“තාත්තේ මට ඌව අල්ලන්න දෙන්නකෝ”

බෙවර්ලි නැන්දා හැන්ද උරුක් කළාය.

“මොකද ඌව තොප්පියක් වගේ දාගෙන ඉන්නෙ…? ඔය ජරාවත් එක්ක දරුවො ගාවට එන්න එපා”

“එයා මිත්‍රශීලියි…මට අවුරුදු දහයෙ ඉඳලම පිඹුරෙක්ව ඕනෙ වුණා”

“දැන් ඔයාගෙ වයස දහයක් නෙමේනේ!”

” බය වෙන්න එපා ඩාලිං”

“දවල් දවසෙම ළමයි පිරුණු බස් එකක් ඩ්‍රයිව් කරාට පස්සෙ ඔයා හිතනවද මම බයයි කියලා..? කරුණාකරල ළමයි ඕකව අල්ලන්න කලින් මගෙ කුස්සියෙන් ඕකව අරන් යනවා…”

සර්පයා හිස වටේ ඔතාගෙන, අත් දෙක බැඳගෙන සිටි හෑන්ක් මාමාට දරුණු පෙනුමක් ලැබී තිබුණි.

“මම අර බල්ලව ගේනවටත් ඔයා කැමති වුණේ නෑ….මේ සැරේ නම් මම ඔයාගෙ කැමැත්තට ඉඩ දෙන්නෑ….බ්‍රවුසර් මගේ හොඳම යාළුවා වෙන්නයි යන්නෙ”

නැන්දාගේ ඇස් කෝපයෙන් දිලිසුණි.

“එහෙනම් තමුසෙ යාළුවත් එක්ක සතුටින් ඉන්නවකෝ….මම යනව ළමයි එක්ක අම්මලගෙ ගෙදර….ළමයින්ව තියන්න පුළුවන්ද මේ භයානක සර්පයෙක් එක්ක!”

“එයා භයානක නෑ !”

“ඇලබාමා වල ළමයෙක් මැරුණා මතකද…?”

“ඉඳහිට එහෙම දේවල් වෙනවා.”

මම කිව්වෙමි.

“හෑන්ක් මාමේ එයා ඔයාගෙ ඔළුව තද කරනව නේද…? අපි එයාව කූඩුවට දාමු.”

“නෑ..එහෙම තද කරන එක මගෙ හිසරදයට හොඳයි.”

“ඔයාට තියෙනව බෙහෙතක්….ඊයෙ රෑ ඔයා සිහි නැතිවුණාම මම ඔයාගෙ ජැක් ඩැනියෙල් බෝතලේ සින්ක් එකට හැලුවා”

නැන්දා පැවසුවාය.

“දෙයියනේ ඔයා කොහොමද එහෙම දෙයක් කළේ…?”

” ඔයාව නවත්තන්න වෙන ක්‍රමයක් නෑ හෑන්ක්!”

මාමා මුණු, මුණු ගාමින් මා අසලින් ඉඳගත්තේය.

“ඔයාට ඉන්නෙ නපුරු තාත්තා කෙනෙක්”

“නපුරු තාත්තා….නපුරු තාත්තා”

ටෙරී ඈන් ගීයක් මෙන් ගායනා කළාය.

“කටේ කෑම පුරවන් කතා කරන්න එපා ළමයෝ…හෑන්ක්! ඔයා ඩිනර් එකත් සවුත්තු කරනව අනේ.”

” හරි..තත්පරයක් දෙන්න”

මාමා සර්පයා ඉහලට ඇද්දේය. ඌ සෙලවුණේවත් නැත.

“විකාර නැතිව ඕක ගලවන්න”

ඔහු එය ගැලවීමට උත්සාහ කළේය.

“ඔහ් දෙයියනේ…ඒක හිරවෙලා!”

“ඕ..ඒ කියන්නෙ ඌ මාමව වෙලාගෙනද?”

“නෑ….එයා තදින් අල්ලගෙන ඉන්නව…සාමාන්‍යයෙන් එයාලා එහෙමයි.”

“එයා එහෙම කරන්නෙ ඔයාව වෙලාගෙන පොඩි කරන්න සූදානම් වුණාම”

බ්‍රවුසර් සිය ගෙල දිගු කර හක්ක හෑන්ක්ස් මාමාගේ හිස්කබලේ තබාගත්තේය.බෙවර්ලි නැන්දා විලාප දුන්නාය.

“ඌ ඔයාව ගිලින්න හදන්නෙ හෑන්ක් !!!”

” මෝඩ වෙන්න එපා! ඌ ටෙරී ඈන් තරම්වත් ලොකු නැතිව මාව ගිලින්නෙ කොහොමද?”

“එහෙනම් ඔය ලෙවකන්නේ…”

” ඌ මගේ ඔළුවෙ කෙළ ගානවා”

” එහෙනම් ඌට කෑම රුචිය ඇවිත් වෙන්න ඇති”

දත්මිටි සැපූ මාමා වැලමිට මේසයට තබා තද කර හැකි වෙර යොදා බ්‍රවුසර් ව තල්ලු කළේය. ජීවිතය රැක ගැනීමට සිතූ බ්‍රවුසර් මාමාගේ හිස් කබල තරයේ අල්ලාගෙන සිටියේය.

“එයා තාත්තව මරන්න යන්නේ..” කෑ ගැසූ ටෙරී ඈන් කෑම පිඟානද බිම පෙරළාගනිමින් මේසයට නැග ගත්තාය.

“මාමේ මට හොඳ අදහසක් ආවා…එක පැත්තකින් උස්සන්න…එතකොට මූඩියක් වගේ ගැලවිලා එයි..”

” ෂහ්, හොඳ අදහසක් චාලට්”

මාමා ඒ අයුරින් කළේය. ඔහුගේ මුහුණේ අඩක් ඉහළට ඇදී අනෙක් අඩ පහළට ඇදවී විකාරයක් මෙන් පෙනුන අතර, බ්‍රවුසර් කඳු නගින්නෙකු මෙන් මාමාගේ වම් කනේ එල්ලීගෙන සිටියේය.

“මට මෙයාව ගලවන්න උදව් කරනවලා! මූ මගේ මොළේ තද කරන්න හදන්නෙ කියලා පේන්නෙ නැද්ද..?”

“ඔයාට මොළයක් නෑනේ හෑන්ක්..මම නම් ඕකව අල්ලන්නෙ නෑ”

“ඌ භයානක නෑ බෙවර්ලි නැන්දේ!”

නැන්දා මට හොඳටම රැව්වාය.

“පොලිසියට කතා කරමු”

“පොලිසියට කතා කරන්න එපා..මම නියම මෝඩයෙක් වගේ පෙනේවි.”

“කොහොමත් එහෙමනේ…!”

මම ආයෙමත් මැද්දට පැන්නෙමි.

“බ්‍රවුසර් මාමගේ බෙල්ල ඔතාගෙන උගුරු දණ්ඩ හිරකරොත් අපි මොකද කරන්නේ..?”

නැන්දා නළල රැලි කළාය. මම නැවතත් කතා කළෙමි.

“හෑන්ක් මාමා මැරුණොත් ඔයාට හැමදාම බස් එක ඩ්‍රයිව් කරන්න වෙයි.”

අඬුවක් ගත් නැන්දා බ්‍රවුසර්ව අදින්නට උත්සාහ කළාය. මාමා ඉදිරියට නැමී පුටුවක් අල්ලා ගත්තේය.

“බෙවර්ලි ඔයාගෙ කකුල මගේ ඔළුවෙන් තියලා අදින්න!”

“මගෙ කකුල තමුසෙගෙ ඔළුවෙන් තියන්න බෑ මනුස්සයෝ..!!”

“ඉක්මන් කරන්න….මගේ මොළෙන් ලේ ගලයි.”

බෙවර්ලි නැන්දා තම කකුල මාමාගේ ඔළුවේ තැබූ අතර ඇගේ අනිත් කකුල බිම තිබූ කෑම බඳුනක තැබුනේ ඇය නොදැනුවත්වමය. නැන්දා ලිස්සා ගිය අතර පුටුවෙන් විසිවුණ හෑන්ක් මාමා ඇය මත පතිත වුණේය. මාමාගේ හිස වටේ සිටි බ්‍රවුසර් නැන්දාගේ මුහුණ දෙසම බලා සිටියේ ඇයට අඟල් දෙක තුනක් නුදුරෙනි. ඉතින් ඈ හැකි වෙර යොදා හෑන්ක් මාමාව තල්ලු කෙරූ අතර ඔහු උදුනට නොවැටී යාන්තම් බේරෙන්නෙට සමත් විය.

“තමුසෙත් එකයි….මූත් එකයි…!!”

“ඔයා මට අර බල්ලව තියාගන්න දුන්නනම් මෙහෙම වෙන්නෑ බෙවර්ලි”

“තණකොළ පෙත්තෙක්ට තරම්වත් මොලේ නැති මිනිහෙක්වනෙ මම බැඳගත්තෙ….අපරාදෙ මට හොඳ මිනිහෙක්ව බඳින්න තිබුණා….එහෙනම් ටෙරීට හොඳ තාත්තෙක් ඉන්නව….චාලට්ට මේ වගෙ බේබදු මාම කෙනෙක් ලැබෙන්නෑ එහෙනම්..ඔහොම ඉන්නව ඔතනට වෙලා…”

“මම කොහෙවත් යන්නෑ..”

මාමා වැටුණ තැනම ඉඳගෙන කීවේය. නැන්දාගේ සාය බෝංචි යුෂ වලින් වැසී තිබුණි. ලොකු හැන්දක් ගත් ඈ මාමාගේ හිසත් පිඹුරාත් අතරට එය දමන්නට වෙර දැරුවාය.

“ඒක කරන්න බෑ අනේ….මූ යකඩයක් වගේ හිරවෙලා”

“මගෙ ඔළුවෙ බටර් ටිකක් ගාන්න බෙවර්ලි..”

“පිස්සුද?”

“මූව ගලවන්න ඕනේ….මගෙ ඔළුව පුපුරන්න යන්නේ..”

මම නැන්දාට බටර් දීසිය දුන්නෙමි. මේ දිනවල බටර් ගණන් බව මුමුණමින් ඇය ඔහුගේ තට්ට හිසේ බටර් ගාන්න ගත්තේ රෑ කෑමක බටර් ආලේප කරනවාක් මෙනි. මෙයින් උද්‍යෝගමත් වුන ටෙරී ඈන් මිදුලට දිව ගොස් තම සෙල්ලම් සවලද රැගෙන ආවාය.

“අපි ඌ අල්ලගමු තාත්තේ”

“අයින් වෙන්න ටෙරී ඈන්…!!”

තමා ඇයට උදව් කරන වග නැන්දාට පැවසූ ටෙරී ඈන් හැකි වෙර යොදා තම සවලෙන් පියාගේ හිසට ගැසුවේය. හෑන්ක් මාමා කැරකී බිම වැටුණ අතර බ්‍රවුසර් ඉවතට විසි වුණි. නැන්දා ලොකු හැන්දෙන් ඌව ගෙන එලියට විසි කර දැමුවාය. හෑන්ක්ස් මාමා නැගී සිටි අතර ඔහුගේ හිස ගෙඩි ගැසී තිබුණි. හිස වටා රතු පැහැ වළල්ලක් දිස් වුණේය. බෙවර්ලි නැන්දාගේ ඇස්වල කඳුළු පිරී තිබුන අතර අයිස් බඳුනක් රැගත් ඇය මාමා පසුපසින් කාමරයට ගියාය. එළියට ගිය මම බ්‍රවුසර්ව පරිස්සමින් ඔසවාගෙන ගොස් කූඩුවේ තැබුවෙමි. ඌ ගුලිගැසී නිදාගත්තේය.

පසුදා උදෑසනද බෙවර්ලි නැන්දා බසය පදවාගෙන ගියාය. දවස පුරාම මට හෑන්ක් මාමා මතක් වුන අතර පාසල් නිම වීමෙන් පසු බෙවර්ලි නැන්දා අපිව සුරතල් සතුන් සිටින තැනකට ගෙන ගියාය. අපි නිවසට යන විට හෑන්ක් මාමා ඔංචිල්ලාවට වී සිටි අතර නැන්දා ඔහුගේ හිස අත ගෑවාය.

“ඔයාට කොහොමද හෑන්ක්..?”

“වරදක් නෑ..මොනවද ඔය පෙට්ටියේ..?”

“ඇරලා බලන්නකෝ”

ඔහු එය අතට ගෙන විවර කළේය. පෙට්ටිය තුළින් සුරතල් දුඹුරු පැහැ මුහුණක් එබිකම් කළේය. ඌ සුරතල් බලු පැටවෙකි. හෑන්ක් මාමා සතුටින් කෑ ගැසුවේය. මම මාමාගේ අතෙන් අල්ලා ගත්තෙමි.

” ඔයා කිව්වනේ ඔයාට යාළුවෙක් ඕන කියලා….ඉතින් මම මෙයාව ගෙනාවෙ ඔයාට”

බෙවර්ලි නැන්දා බලු පැටියාව දෝතට ගත්තාය.

“මම ඔයාට මෙයාව දෙන්නේ එක කොන්දේසියක් මත”

“ඕනම දෙයක් කියන්න”

“ඔයා මත්පැන් බීම නතර කරල දෙන මධ්‍යස්ථානෙට යන්න ඕනෙ….ඔයාට පුළුවන් බලු පැටියත් අරන් යන්න….අනික මෙයාට ගේ අපිරිසිඳු කරන්න දෙන්නත් බෑ හොඳේ..”

“හරි. ඒක හොඳ ගණුදෙනුවක්”

මාමාගේ දෑස් ප්‍රීතියෙන් දිලිසුණි. ඔහු නැන්දාව සිප ගත්තේය. ඇය හිනැහෙමින් බලු පැටියාව ඔහු අතට දුන්නාය. බලු පැටියා මාමාට තුරුල් වුණි.

“අපි එයාව තියාගන්නවා!”

“එයා අපි හැමෝගෙමයි…දැන් ඔයාලා මගෙමයි…මීට පස්සෙ මම ආත්මාර්ථකාමි වෙන්නෙ නෑ…මගේ පවුල ආයෙමත් අලුතින් පටන් ගන්න දැන් කාලෙ හරි”

හෑන්ක් මාමා බලු පැටියා සහ අපි සැවොම තුරුලට ගත්තේය.

“මට ඇතිවන ඕනෙම හිසරදයකට හොඳම ප්‍රතිකාරය තමයි ඔයාලා..!!”

Reedsy වෙබ් අඩවියේ පළවූ Linda Thacker විසින් රචිත “Uncle Hank’s Headache” කෙටිකතාව ඇසුරෙන් සිදුකරන ලද අනුවර්තනයකි.-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you