NovelsShort StoriesMoonlight and Madness උමතු සඳදිය

Moonlight and Madness උමතු සඳදිය

-

spot_img

Moonlight and Madness – සඳ එළිය මට ඔබව සිහිපත් කරවයි. රාත්‍රී අන්ධකාරය මැද මම මගේ පවුලේ අය සමගින් මගේ නිවසෙන්, මගේ වීදියෙන්, මගේ නගරයෙන් සහ ඊයේ දින වෙනතුරු මා සතුව තිබූ සියල්ලෙන්ම සහ මගේ රටින් ඈත්ව සිටිමි. අප වැනිම තවත් පවුල් රාශියක් මෙහි සිටිති. අපි ලාහෝර් දුම්රිය ස්ථානය වෙත හොර රහසේ ගමන් කරමින් සිටින්නෙමු. විශාල ආත්මානුකම්පාවක් අපිට දැනේ. අප බියෙනි. වේදනාවෙනි. ජීවිත අවිනිශ්චිතය. මහා විශාල වේදනාවක් හදවත තුළ සඟවා ගෙන මම ඇවිද යමි. ඔබත් මමත් අවසාන වතාවට මුණගැසුන ටෙරසය මට සිහිපත් වේ. අනේ! හිජාබයෙන් වැසුණ ඔබේ රුව. ඔබට සමීප වන්නට තිබුණා නම්..? අනිත් අය සේම පිටෙහි කුඩා බරක් ඔසවාගෙන මම ද ගමන් කරමි. ඒ බර අලුත් ජීවිතයකට උපකාර කරනු ඇත. උදුරා දැමූ ජීවිතයක නටබුන් සමගින් අපි අලුත් ජීවිතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.

පරිසරය නිසලය. මද සුළඟක් හමයි. තවදුරටත් මගේය කිව නොහැකි තැනක මම හිඳිමි. එය කවදා හෝ ඔබේ වේවායි කියා පතමි. ඔබ එතැනට හුරු වෙනු ඇත. මගේ පියා, මව, සහෝදර, සහෝදරියන් ඉදිරියට ගමන් කරති. මිනිස් සමූහයක් මැද එකිනෙකාගේ අත් තදින් අල්ලාගෙන ඔවුන් අතරමං වූ හැඟීමකින් පසුවෙති. ඉඳහිට ආපසු හැරී බලති. අපි මාර්ගයේ කෙළවර, නගරයේ මායිම සහ ඉන් එහා කාන්තාරයේ මායිම තරණය කළෙමු. ඔබ තවම මා ගැන සිතන බව දනිමි. ඔබේ සිතද ඒ සඳ එළියෙන් නැහැවුන ටෙරසය මත රැඳී ඇති. ඒ ටෙරසය වෙත අපිට යළි කිසිදා යා නොහැක. මිනිසෙකු බෙදීම් රේඛාවක් ඇඳ තිබේ. පැත්තක් තෝරා ගැනීම වෙනුවෙන් හදවත කපා දැමිය යුතුව තිබේ. හදවත බිඳී යනතුරුම. අපි ආයෙත් මුණ ගැසේදැයි නොදනිමි. නමුත් හුස්ම තිබෙනාතුරු මම ඔබව මතකයේ තබා ගනිමි ජැස්මින්!

ඔබේ පවුල නගරය හැර ගියාය යන ආරංචිය මගේ පවුල තුළ කැළඹීමක් ඇති කරේ නැති වීම, කවදාවත් අපිට එක්ව ජීවත්වීම කළ නොහැකි දෙයක් වග මට වටහා දුන්නේය. අවසන් වතාවට මම ඔබව ටෙරසයේ දී හමුවූයෙමි. සඳ එළියේ අපි එක්ව සිටියෙමු.

“මට සමාවෙන්න ජැස්මින්..!”

ඔබේ ඒ වචන මගේ ලෝකයම, මගේ හැම හීනයම බිඳ දැමුවේය. ඉතින් මා සතුව ඔබට කියන්නට දෙයක් ඉතුරුව තිබුණේ නැත. ඔබට පිටුපෑ ජාතියකින් ඈත්ව ඔබ පවුලේ අය සමගින් මට පිටුපා නික්ම ගියේය. ඔබ නැවත හැරී බැලුවේ නැත. ඔබ ආරක්ෂාකාරීව සිටිනු ඇතැයි සිතමි. සුන්බුන් අතරින් ලේ පිපාසිත මැරවරයින්ගෙන් බේරී දුම්රියට ඇතුළු වෙන තුරු. Amritsar වෙත ළඟා වෙන තුරු.

අලුත් ජීවිතය ඔබට අසීරු වෙනු ඇත. හැමදේම අලුතින් අරඹන්නට ඔබට සිදුවනු ඇත. නව රැකියාවක් සොයා ගැනීමට සිදුවෙනු ඇත. අලුත් හදවතක් සමග ඔබ අලුත් ජීවිතයකට හුරු වෙනු ඇත. සඳට ආදරේ අයෙක් සොයාගන්න. ටෙරසයකදී, ගිනිමැලයක් අසලදී ඔබට ඇය හා සිනාසිය හැක. එහිදී මා අමතක කරන්න. ඔබව අමතක කිරීම අසීරු නමුත් කාලය මගේ හදවත සුවපත් කරනු ඇතැයි සිතමි. තරුණියකට මේ නගරයේ තනිව විසීම අපහසු බැව් දනිමි. අළුත් හදවතක් සාදා ගැනීමට උත්සහ කරමි. සෘතු වෙනස්ව ගොස් මම මවක් වේවි. බෙදීම ගැන, ද්‍රෝහීන් පලවා හැරීම ගැන, ඔවුන් මගේ දරුවන්ටත් උගන්වනු ඇත. ඔවුනුත් විෂ සහිත එවුන් සේ ලොකු මහත් වේවි. සහෝදරයන් සතුරන් බවට පත්වීම තරම් විනාශයක් තවත් නොමැති බව මට කියන්නට හැකි නම්..? ඔබ යළි මුණගැසීමේ සිහිනයක් නොමැතිමුත්, අපිව වෙන් කෙරූ මේ බෙදීම් රේඛා කෙදිනක හෝ මැකී යනු ඇතැයි සිතමි. අපේ මරණින් මතු හෝ කම් නැත. සඳ මගේ යැයි මා විශ්වාස නොකළ මුත් ඔබට මා වෙනුවෙන් සඳ රැගෙන එන්නට හැකි බැව් දැන සිටියෙමි. එනමුත් මිනිසා විසින් නිර්මාණය කළ සමහර රේඛා මැකිය නොහැකි ය.

– Reedsy වෙබ් අඩවියේ පළවූ ඉන්දීය ලේඛිකා Suma Jayachandar ගේ Moonlight & Madness කෙටිකතාව ඇසුරෙන් සිදුකරන ලද අනුවර්තනයකි –

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you