ArtPradeep kumara Balasuriya සඳරේණු පෙති මත දිලූණු ප්‍රේම ප්‍රදීපය

Pradeep kumara Balasuriya සඳරේණු පෙති මත දිලූණු ප්‍රේම ප්‍රදීපය

-

spot_img

Pradeep Kumara Balasuriya – ජනප්‍රිය යොවුන් පුවත්පත් කතුවරයෙකු හා ප්‍රවීන සාහිත්‍යධරයකු වූ ප්‍රදීප් කුමාර බාලසුරිය සිය දිවි සැරිය නිම කොට තිබේ. කලක් රෝගාතුරව සිට, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයන විට ඔහු 63 වන වියෙහි පසුවිය.

“දවස” පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය අරඹන ඔහු, කලක් “දිවයින” පුවත්පතේද සේවය කර ඇති අතර “අරලිය”,”කුමරි” වැනි යොවුන් පුවත්පත් හරහා යොවුන් පුවත්පත් කලාවට අවතීර්ණ වී තිබේ. යොවුන් පාඨක ප්‍රජාව අතර අතිශය ජනාදරයට පත් වූ “සඳරේණු” පුවත්පතේ ආරම්භක කතුවරයා වූ ඔහු, පසුව “සඳතරු” නමින් යොවුන් පුවත්පතක්ද සංස්කරණය කළේය.

Pradeep Kumara Balasuriya

නවකතා,පරිවර්තන, ධනාත්මක චින්තනය ඇතුළු විෂය පථයන් කිහිපයක් ආවරණය වන පරිදි, කෘතීන් විශාල ප්‍රමාණයක් ලියා පළ කර ඇති ප්‍රදීප් කුමාර බාලසුරියගේ ධනාත්මක චින්තනය පිළිබඳව ලියැවුණු කෘතීන් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්හ. කලක් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයටද සිය නිර්මාණ දායකත්වය ලබාදී ඇති ඔහු, කුලක,ප්‍රවේණි අටවා නොගත්, ඕනෑම පරම්පරාවක් සමඟ මිත්‍රශීලිව තම දැනුම හා සේවය බෙදාගත් අයෙකි.

ඔහුගේ දේහය මේ වන විට අංක: 33/F, පැරකුම් පෙදෙස,පහළගම,ගම්පහ. යන ලිපිනයෙහි, ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට [ 7 වෙනි ඉරිදා] සවස 4 ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

Photo Credits: Amila Sampath Perera / Pradeepkumara Balasuriya

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you