NewsPetroleum කෝටි 341 ක පාඩුව පියවන්න ලීටරයකට රුපියල් 7...

Petroleum කෝටි 341 ක පාඩුව පියවන්න ලීටරයකට රුපියල් 7 ක් බදු

-

spot_img

Petroleum – තෙල් පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම වසර අටක කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341කට වඩා වැඩි පාඩුවක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේදී ජනතාවට අතිරේක බදු බරක් දැරීමට සිදුව ඇතැයිද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව [කෝප් කමිටුව] අනාවරණය කරයි. මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 – 2022 අතර කාලයේදීය.

මෙහිදී ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවී ඇති අතර මේ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිවයුතු බව කමිටුව සඳහන් කරයි. සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බව කමිටුව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ වන විට රටේ නොමැති බව එහිදී හෙළිවීමෙන් පසු, වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කර ඇති කමිටුව, අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මේ වනවිට එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක්ද දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර තිබේ.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you