SportsPathum Nissanka ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට

Pathum Nissanka ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට

-

spot_img

Pathum Nissanka ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (09) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම ODI තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔහුගේ නම සනිටුහන් කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් රැස් කළ සහ වැඩිම ලකුණු ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි පැතුම් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හමුවේ පන්දු 139කදී විශිෂ්ට ලකුණු 210*ක් රැස්කළ අතර පැතුම් ගේ එම ලකුණු 210 ත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381 ක් රැස්කළා. පැතුම්ගේ මෙම ලකුණු 210 ට හතරේ පහර 20 ක් සහ හයේ පහර 8 ක් ඇතුලත්.

මෙම වාර්තාවත් සමග පැතුම් නිශ්ශංක ලොව එක්දින ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට එකතු වනවා. ඔහු මෙම කීර්තිමත් ලැයිස්තුවේ සචින් ටෙන්ඩුල්කාර්, රෝහිත් ෂර්මා සහ ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයින් සමඟ එක් වේ.

Pathum Nissanka to the list of batsmen who crossed the 200-run mark list

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you