NewsImran Khan නැවතත් පකිස්තානයේ බලවත් වෙයි

Imran Khan නැවතත් පකිස්තානයේ බලවත් වෙයි

-

spot_img

Imran Khan – සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍ර පාක්ෂිකයින් පසුගිය බ්‍රහස්පතින්දා පැවති මතභේදාත්මක ඡන්දයෙන් ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්හ. එය, ජාතික සභා ආසන 265 න් 93 ක් විය. Pakistan Tehreek-e-Insaf party (PTI) පක්ෂය ජන්ද ප්‍රචාරක රැස්වීම්, මැතිවරණ දිනයේ ඡන්ද පොළ නියෝජිතයින් සහ අන්තර්ජාල සීමා කිරීම් හමුවේ ලබාගත් මෙම ප්‍රතිපලය ජන්ද නිරීක්ෂකයින් පවා කම්පනයට පත් කොට තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට PTI පක්ෂයට එම ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ.

Imran Khan

පකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලන පක්ෂ විසින් පෙබරවාරි 29 වැනි දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ජාතික සභාවට ආසන 336ක් ඇති අතර, ඉන් 266ක් සෘජු ඡන්දයෙන් තීරණය වන අතර 70ක් කාන්තාවන් සඳහා 60ක් සහ මුස්ලිම් නොවන අයට 10ක් – වෙන් කර ඇති අතර, මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කෙරේ. හිටපු අගමැතිවරයෙකු වන Nawaz Sharif ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය (PML-N) ආසන 75 ක් ලබා දෙවන ස්ථානයට පත්වි ඇති අතර Bilawal Bhutto Zardariගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන මහජන පක්ෂය (PPP) ආසන 54 ක් ලබා තුන්වන ස්ථානයට පත්ව තිබේ. “එය ඛණ්ඩනය වූ ජනවරමක් වන අතර එහිදී කිසිදු පක්‍ෂයකට සරල බහුතරයක් නොමැත. එසේ වුවද ඔවුන්ට පැවැත්ම සඳහා පොදු පදනමක් සොයා ගැනීමට හෝ සභාගයක් පිහිටුවීමට සිදුවනු ඇත,” දේශපාලන විශ්ලේෂක Rafiullah Kakar ඉස්ලාමාබාද් හි සිට BBC උර්දු සේවය වෙත එසේ පවසා තිබිණි.

-BBC News සහ AP News ඇසුරෙනි-

Image Source: BBC News / AP News

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you