ArtPalm Trees and Power Lines වැඩිහිටි පිරිමි ළාබාල යුවතියන්...

Palm Trees and Power Lines වැඩිහිටි පිරිමි ළාබාල යුවතියන් හා පෙමින් බැඳෙන්නේ ඇයි?

-

spot_img

Palm Trees and Power Lines – සොඳුරු හැන්දෑවක, අවන්හලක් තුළදී ඔවුන්ගේ නෙත් මුණගැහෙන්නේ අහම්බෙන්. ඇය සිටියේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන. ඔහු ඒ සුන්දර කෙල්ලට ඇසක් ඉඟිමැරුවා. ඒ මොහොතේ ඇයට ලෝකයම අමතකව යන්නට ඇති. ඔහු ආකර්ෂණීය පිරිමියෙක්. පළමු හමුවේම ඔවුන් එකිනෙකා හඳුනාගන්නවා. එකිනෙකා වෙත ආකර්ෂණය වෙනවා. ඇයට දැනෙන්නේ නොඉවසිල්ලක්. පිරිමියෙක් කෙරේ එතරම් තදබල කැමැත්තක් මීට පෙර ඇයට දැනී නැතිව ඇති. වචන කිහිපයක කතාබහකින් අනතුරුව ඇය ඔහුගෙන් අහන්නේ ඔහුගේ වයස.

ඔහුට තිස් හතරයි. ඇයට දාහතයි.

Palm Trees and Power Lines

Lea ජීවත් වුනේ මව සමගින්. ඒ මව සහ දුව අතර එතරම් සමීප සම්බන්ධකමක් තිබුනේ නැහැ. එකම නිවහනක ජීවත්වුණත් ඔවුන් විසුවේ තම තමන්ටම සීමාවූ ලෝකවල වෙන්න ඇති. ඇයට පෙම්වතෙක් සිටියා. ඇගේ මිතුරු කණ්ඩායමේම අයෙක්. නමුත් අවන්හලේදී ඒ නොහඳුනන පිරිමියා වූ Tom මුණගැසීමත් සමග ඇය වයසින් වැඩුණු ඒ පිරිමියා පිළිබඳව උමතුවී සිටියා. ඔහු සමවයස් කොල්ලන් වගේ නෙමෙයි. ඔහුට ඊට වඩා ජීවිත අත්දැකීම් තිබුණා. ඔහු කඩවසම්. සරාගීයි. පරිණතයි. තනිවුන කෙල්ලකට, රැකවරණයක් සෙව්ව කෙල්ලෙක්ට හිතෙන්න ඇති තමන්ට ඕන හැමදේම ඔහු සතුව ඇතිවගට.

Palm Trees and Power Lines

ඇය සූදානම් ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න. ජීවිතය පිළිබඳව එතරම් අත්දැකීම් නොමැති ඒ යුවතියගේ ප්‍රේමය එතරම් ප්‍රබලයි. ඔහු ඇගෙන් සමහර කරුණු වසං කරන වග, බොරු කියමින් සිටින වග සමහර අවස්ථාවල ඇයට වැටහුණත් ඇය ඒ දේවල් නොතකා හැරියා. ඇය එපමණටම ඔහුගේ ග්‍රහණයට නතුවී සිටියා. එය බොහොම මිහිරි ලෙස පෙනෙන අවනත වීමක්. ඇය තුළ වූ අවිනිශ්චිත ස්වභාවය, අරමුණු නොමැතිකම වැනි ගතිලක්ෂණ ඔහු මනා සේ හඳුනාගත්තා. ඔහු ඈ වෙත ප්‍රවේශවන්නේ සෙමෙන්, ඇයටත් නොදැනෙන ලෙසින්. තව තවත් ඇයව හුදකළා කරමින්, ඈ සතු වීරයා ඔහුම පමණක් වග ඇයට දැනෙන්නට හරිමින්. ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම, කපටිකම වැනි කලාවන්ගේ ශූරයෙක්. ඉතින් මේ සබඳකමේ අවසානය කෙබඳු එකක් වේවී ද…?

Palm Trees and Power Lines

ප්‍රේමයට වයස හරස් නොවන වගට කතාවක් තිබෙනවා. එය සැබෑවක් ද…? වැඩිහිටි පිරිමියෙක් ලාබාල යුවතියක් හා බැඳෙන්නේ මන්දැයි Palm Trees and Power Lines (2022) ඉතාමත් සියුම්ව, සුන්දරව සහ සරාගී අන්දමින් පහදා දෙනවා.

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you