NewsPalestine Israel war ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට...

Palestine Israel war ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට පත්වේ

-

spot_img

Palestine Israel war ඊශ‍්‍රායලය විසින් Enclave වෙත බෝම්බ හෙළීමත් සමඟ එහි බලය අහිමි වන බැවින් ගාසා තීරයේ රෝහල් “මෘත ශරීරාගාර බවට පත්වීමේ අවධානමක්” ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අද [12 වෙනි බ්‍රහස්පතින්දා ]අනතුරු අඟවා තිබෙනවා. ගාසා තීරයේ මානුෂීය අර්බුදයක් වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ආධාර ආයතන සහ සෞඛ්‍ය නිලධාරීන් සිය දහස් ගණනක් ආහාර, ජලය සහ විදුලිය හිඟය මධ්‍යයේ අවතැන් වී ඇති බව වාර්තා වන අතර එය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා අමතර පීඩනයක් එල්ල කරන බව පැවසෙනවා.

“ගාසා තීරයේ බලය අහිමි වන විට, රෝහල් පවත්වාගෙන යාමේ ශක්තිය හීනවන අතර, අලුත උපන් බිළිඳුන්ගේ incubators වල සහ වයෝවෘද්ධ රෝගීන්ට ඔක්සිජන් සැපයීම අවධානමට ලක්ව ඇති” බව මැද පෙරදිගට ආසන්න රටවල් සඳහා වන ICRC කලාපීය අධ්‍යක්ෂක Fabrizio Carboni නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගාසා හි දැනට ක්‍රියාකාරී එකම විදුලි බලාගාරය ඉන්ධන අවසන් වීමෙන් පසු වැඩ කිරීම නවතා දමා ඇති බව ගාසා බල අධිකාරියේ ප්‍රධානියා ඊයේ [11 බදාදා] CNN වෙත පවසා තිබු අතර ප්‍රදේශයේ ජනතාවට තවමත් විදුලිය සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කළ හැකි නමුත් දේශ සීමාවේ සෑම පැත්තකින්ම අවහිර වීමත් සමඟ එම යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධන අවසන් වෙමින් පවතින බව නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ට අනුව සෙනසුරාදා සිට ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ රඳවාගෙන සිටින අතර ඔවුන් නිදහස් කිරීම සඳහා රතු කුරුස සංවිධානය හමාස් සහ ඊශ්‍රායල නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව දැනගන්නට ලැබෙනවා.

-CNN News ඇසුරෙනි- by Pierre Meilhan

Photo Credits: www.cnnnews.com

 

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you