NewsIsrael Gaza war හමාස් සංවිධානය රඳවාගෙන සිටි මව සහ...

Israel Gaza war හමාස් සංවිධානය රඳවාගෙන සිටි මව සහ දියණිය නිදහස් කරයි

-

spot_img

Israel Gaza war – හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය තුළ සිදුකළ මාරාන්තික වැටලීමකදී පැහැරගත්, ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වෙයි. නිදහස ලැබූ Judith සහ Natalie Raanan මව සහ දියණිය වන අතර ගාසා සීමාවේදී හමාස් වෙතින් මෙම මව සහ දියණිය තමන්ට ලැබුණු බව ඊශ්‍රායලය තහවුරු කර තිබිණි. වීඩියෝවක් නිකුත් කරමින් හමාස් සංවිධානය පවසා තිබුණේ “මානුෂීය හේතූන්” මත මෙම යුවළ නිදහස් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති Joe Biden පවසා සිටියේ, ඔවුන් නිදහස් කිරීම ගැන තමා අතිශයින් සතුටට පත් වූ අතර නතාලි රානන් සමඟ දුරකථනයෙන් කතා කර ඒ බව තහවුරු කළ බවයි.

Israel Gaza war

පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලය වටලා පුද්ගලයන් 1,400ක් මරා දමා 200ක් පමණ ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු නිදහස් කළ පළමු සිරකරුවන් දෙදෙනා මොවුන්ය. එමෙන්ම ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරවලට ලක්ව ඇති ගාසා තීරයේ 4000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන බලධාරීහු පවසති. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඊයේ [20 වෙනි සිකුරාදා] වන විට, ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් අවම වශයෙන් ඇමරිකානු පුරවැසියන් 32 දෙනෙකු මියගොස් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව පැවසේ.

හමාස් සංවිධානය නිකුත් කළ වීඩියෝව : Judith and Natalie Raanan: Hamas frees two US hostages – BBC News

ඇමරිකාව සහ එංගලන්තය තම පුරවැසියන් නිදහස් කර ගැනීම සඳහා කටාර් නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරන අතර ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ආර්ජන්ටිනාව, ජර්මනිය, ප්‍රංශය, තායිලන්තය සහ පෘතුගාලය වැනි රටවල පුරවැසියන්ද සිටින බවට වාර්තා පළවෙයි.

-BBC News ඇසුරෙනි- by Mike Wendling. Evanston, Illinois

Photo Credits: www.potus.com / www.familyhandout.com

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you