NewsIsrael Gaza war හමාස් සංවිධානය රඳවාගෙන සිටි මව සහ...

Israel Gaza war හමාස් සංවිධානය රඳවාගෙන සිටි මව සහ දියණිය නිදහස් කරයි

-

spot_img

Israel Gaza war – හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය තුළ සිදුකළ මාරාන්තික වැටලීමකදී පැහැරගත්, ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වෙයි. නිදහස ලැබූ Judith සහ Natalie Raanan මව සහ දියණිය වන අතර ගාසා සීමාවේදී හමාස් වෙතින් මෙම මව සහ දියණිය තමන්ට ලැබුණු බව ඊශ්‍රායලය තහවුරු කර තිබිණි. වීඩියෝවක් නිකුත් කරමින් හමාස් සංවිධානය පවසා තිබුණේ “මානුෂීය හේතූන්” මත මෙම යුවළ නිදහස් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති Joe Biden පවසා සිටියේ, ඔවුන් නිදහස් කිරීම ගැන තමා අතිශයින් සතුටට පත් වූ අතර නතාලි රානන් සමඟ දුරකථනයෙන් කතා කර ඒ බව තහවුරු කළ බවයි.

Israel Gaza war

පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලය වටලා පුද්ගලයන් 1,400ක් මරා දමා 200ක් පමණ ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු නිදහස් කළ පළමු සිරකරුවන් දෙදෙනා මොවුන්ය. එමෙන්ම ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරවලට ලක්ව ඇති ගාසා තීරයේ 4000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන බලධාරීහු පවසති. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඊයේ [20 වෙනි සිකුරාදා] වන විට, ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් අවම වශයෙන් ඇමරිකානු පුරවැසියන් 32 දෙනෙකු මියගොස් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව පැවසේ.

හමාස් සංවිධානය නිකුත් කළ වීඩියෝව : Judith and Natalie Raanan: Hamas frees two US hostages – BBC News

ඇමරිකාව සහ එංගලන්තය තම පුරවැසියන් නිදහස් කර ගැනීම සඳහා කටාර් නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරන අතර ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ආර්ජන්ටිනාව, ජර්මනිය, ප්‍රංශය, තායිලන්තය සහ පෘතුගාලය වැනි රටවල පුරවැසියන්ද සිටින බවට වාර්තා පළවෙයි.

-BBC News ඇසුරෙනි- by Mike Wendling. Evanston, Illinois

Photo Credits: www.potus.com / www.familyhandout.com

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you