ArtNomadland සමහර බැඳීම් ඇතුළෙ අපි ජීවිත කාලෙටම හිරකරුවො වෙනවා

Nomadland සමහර බැඳීම් ඇතුළෙ අපි ජීවිත කාලෙටම හිරකරුවො වෙනවා

-

spot_img

Nomadland – That ring is a circle, and it never ends. And that means that your love never ends. And you may not be able to take it off, if you tried.

ජීවිතය බෙදා හදා ගැනීමට සහකරුවෙක් හෝ සහකාරියක් අත්‍යවශ්‍යමද…? මිනිසුන් වේදනා විඳිමින්, අසීමිත කැප කිරීම් කරමින් බැඳීම් හඹා යන්නේත්, ඒවා සුරක්ෂිත කරගැනීමට වෙහෙසෙන්නේත් බැඳීම් එපමණටම ජීවිතයට අවැසි නිසා වෙන්නට ඇති. බොහෝවිට, සමුගත්තද, අහිමිව ගියද සමහර බැඳීම් විසින් අපි ජීවිත කාලයටම ඒ තුළ සිරකරුවෙක් කර තබනවා. අප අවට අප විසින් දැකිය යුතු සුන්දර ලොවක් තිබුණත් අපි බොහොම වෙහෙස මහන්සි වී අප වෙනුවෙන් නිවසක් තනා එතුළ කොටුවී සිටිනවා. එතැන අතිශය සුවපහසු බව සිතන අප ඉන් එහා ලොවක් ගැන සිතීමත් අමතක කර දමනවා. තමන් විසින් සදාගත් නිවසකත්, තමන් විසින් ඇති කරගත් බැඳීමකත් යන කාරණා දෙක අතර වැඩි වෙනසක් නෑ අපි විසින් ඉන් එහා ලොවක් නොදකිනවානම්.

Nomadland

කුරුල්ලෙක් වගේ එහෙ මෙහෙ සැරිසරන්න තිබුනානම්…? නමුත්, කුරුල්ලෙක්ට වඩා සංකීර්ණ පැවතුම් තියෙන මනුස්සයෙක්ට හැකිද කුරුල්ලෙක් තරම් නිදහසේ එහෙමෙහෙ සැරිසරන්න….?

මේ කතාව ෆර්න් ගැන. ඈ මැදිවියේ ගැහැණියක්. තමන්ගෙ ස්වාමිපුරුෂයාගෙ වියෝවෙන් පස්සෙ අතීත සිහිවටන සමගින් තනිවුන ෆර්න් ඉන් පස්සෙ ජීවත්වෙන්නෙ වාහනයක් තුළ. එය තම නිවහන කරගනිමින් තැනින් තැනට යමින් සංචාරක ජීවිතයක් ගෙවන්න ඇයට සිද්ධ වෙනව. මෙතෙක් කල් බැඳීමක් ඇතුලෙ සුරක්ෂිතව සිටිය ඇයට එය අහිමි වීමත් එක්ක ඇතිවන තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනව. ඇතිවුන ආර්ථික ප්‍රශ්න එක්ක ඇයට සිද්ධ වෙනව රැකියාවක් කරන්න. ඇයට ගත කරන්න සිද්ධ වෙලා තියෙන තැනින් තැනට යාමේ ජීවිතෙත් එක්ක ඇතිවන ගැටළු අවදානම්වලට ගැහැණියක් විදිහට ඇය මුහුණදෙන අන්දමත් එක්ක මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ ඇය වැනිම, ස්ථිර වාසස්ථාන නොමැති ප්‍රජාවගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ද ලබා දෙමින්. ඔවුන් සියල්ලන්ම තමන්ගේ ජීවිත අත්දැකීම් එකිනෙකා සමගින් බෙදාගන්නවා.

Nomadland

ජීවිතය විසින් තමාට ලබා දුන් දෙයට ඉවසිලිවන්තව මුහුණදෙමින්, ශක්තිමත් ගැහැණියක් විදිහට, ජීවිතයට මුහුණදෙන, අවට සොඳුරුබවද විඳින්න අමතක නොකරමින්, බොහෝ අය නොදන්නා සැහැල්ලුවකින් එහෙ මෙහෙ සැරිසරන ෆර්න් ගේ ජීවිතය තුළ, අපි විසින් කිසිදාක නොවිඳ ඇති අන්දමේ සුන්දරත්වයක් සැඟවී ඇති බැව් අපට වැටහී යනවා.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you