NewsNamal Rajapaksha නොගෙවූ මගුල් විදුලි බිල ගැන ලංවිමට...

Namal Rajapaksha නොගෙවූ මගුල් විදුලි බිල ගැන ලංවිමට ලියයි

-

spot_img

Namal Rajapaksha ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නමින් නොගෙවූ විදුලි බිලක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා ලිපියක් නිකුත් කර තිබුණා.

නාමල් රාජපක්ෂ මහතා 2019 විවාහ මංගල්‍යයේ විදුලි බිල මෙතෙක් පියවා නොමැති බව පවසමින් තම RTI ඉල්ලීමට ලංවිම ප්‍රතිචාර දැක්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පෙරේදා එම ලිපියත් සමග ප්‍රකාශක් කර තිබුනා. තොරතුරු දැනගැනීමේ අයිතියේ ලියවිල්ලෙන් හෙළිදරව් වන්නේ 2019 සැප්තැම්බර් 12 සහ 2019 සැප්තැම්බර් 15 අතර පැවති උත්සවයකදී භාවිතා කරන ලද ආරක්ෂක විදුලි පහන් සහ විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධ වීරකැටිය නිවස සඳහා රුපියල් 26,82,246.57 ක නොගෙවූ විදුලි බිලක් සම්බන්ධයෙනි.

රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබලයට යොමු කළ ලිපියේ උපුටා ගැනීමකි.

සංජීව විජේරත්න
කාල්ටන් නිවස
තංගල්ල
2023.08.04

සභාපති
ලංකා විදුලිබල මණ්ඩලය ,
ශ්‍රීමත් චිත්තම්පලම්.ඒ.ගාඩිනර් මාවත,
කොළඹ 02.

සභාපතිතුමනි,

සමාජ මාධ්‍ය මගින් සංසරණය වන නොගෙවූ විදුලි බිල්පතකට අදාල ලිපිය සම්බන්ධවයි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම සදහන් කරමින්,2019 වර්ෂයට අදාල නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති ඔබ ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පවතී.නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ හා අයතනික- බෙදා හැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය මේ සමග අමුණා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන මෙම ලිපියට අදාලව, විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක, කුමන ලිපිනයක් සදහා යොමු කර ඇත්ද යන වගත්, එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.
ස්තුතියි

සංජීව විජේරත්න
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you