NewsMyanmar earthquake මියන්මාර භූකම්පනය මරණ 1,600 ඉක්මවයි

Myanmar earthquake මියන්මාර භූකම්පනය මරණ 1,600 ඉක්මවයි

-

spot_img

Myanmar earthquake – මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය. මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල විය. ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී තිබේ.

කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙස මෙය වාර්තා අතරට එක්ව ඇත. භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මැන්ඩලේ නගරයට වන අතර එහි නිවාස 1,500කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි සඳහන්ය. තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති අතර පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස් හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ ද රෝහල්වලින් පිටතදීය.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී ඇති අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වියට්නාමයත් තවත් රටවල් රැසක් මියන්මාරයට සහාය දැක්වීමට ඉදිරිපත් වි ඇත.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you