NewsMoney Laundering මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම වැටලීම

Money Laundering මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම වැටලීම

-

spot_img

Money Laundering – සිංගප්පුරු පොලීසිය දියත් කළ මෙහෙයුමකදී මුදල් විශුද්ධිකරණයට එරෙහි විශාලතම අත්අඩංගුවට ගැනීම පසුගිය දිනක සිදු කළ බවට වාර්තා වේ. සුඛෝපභෝගී නිවාස,මෝටර් රථ සහ මුදල් ඇතුළුව සිංගප්පූරු ඩොලර් බිලියනයක (US$735m; £578m) පමණ වත්කම් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. මුදලින් US$17m ක් පමණ ඇති බවද සදහන්වෙයි.

මෙම මෙහෙයුමේදී පොලිසිය පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලුම දෙනා විදෙස්වල ගමන් බලපත්‍ර හිමි අය බව කියවේ. ලොව අඩුම අපරාධ අනුපාතයක් ඇති සිංගප්පූරුවේ මෙවැනි වැටලීම ඉතා දුර්ලභය. එරට පොලිසිය සදහන් කළේ අගහරුවාදා හදිසි වැටලීම් නගර ප්‍රාන්ත පුරා එකවර සිදුකළ බවයි. වාහන 50ක් සමග රටේ වඩාත් ජනප්‍රිය ප්‍රදේශවල පිහිටි නිවාස 94 ක්ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සදහන් වෙයි.

money laundering

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 දෙනා වයස අවුරුදු 31ත් 44ත් අතර පසුවන්නන් වන අතර මුදල් විශුද්ධිකණනය සහ ව්‍යාජ සකස් කිරීම් සම්බන්ධව ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. මෙම පිරිසට චීනය,කාම්බෝජය,තුර්කිය සහ වනුටු යන රටවල විදේශ ගමන්බලපත්‍ර තිබු බව පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ මොවුන් “ඔවුන් විදේශ අපරාධ ක්‍රියා වලින් සහ මාර්ගගත සූදු මගින් ලැබෙන මුදල් විශුද්ධිකණනයට” සම්බන්ධ බවට සැක කරන බවයි. සුදු අපරාධ විමර්ශනය කරන පොලිස් වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Davif Chew පැවසුවේ “අපරාධකරුවන්ට සිංගප්පූරුව ආරක්ෂිත තෝතැන්නක් ලෙස භාවිතා කිරීමට කිසිසේත් ඉඩ නොදෙන” බවයි.

money laundering

“අපරාධකරුවන්ට අපේ පණිවිඩය සරලයි,අපි ඔබව අල්ලා ගත්තොත්,අපි ඔබව අත්අඩංගුවට ගන්නෙමු. ඔබ අයතා ලෙස උපයාගත් මුදල් අපි සොයා ගත්තොත්,ඒවාද අත්පත් කර ගන්නෙමු. එමෙන්ම අපේ නීති⁣ය උපරිමයෙන් ඔබට එරෙහිව ක්‍රියාත්මක කරන බවද, නිල විශුද්ධිකරණයට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති ආයතන වලටද එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා” බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

-BBC ඇසුරෙනි-

Photo Credit: Singapore Police force

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you