ArtMiss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

Miss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

-

spot_img

Miss World 2025 – ඊයේ (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති ලෝක රූ රැජින තරඟාවලියේදී 72 වැනි ලෝක රූ රැජින ලෙසින් තායිලන්තයේ Opal Suchata (Suchata Chuangsri) කිරුළු පැළඳුවා. ඒ ලෝක රූ රැජින කිරුළ දිනාගත් පළමු තායිලන්ත සුරූපිනිය ලෙස ඉතිහාසයට එක් වෙමින්. 21 හැවිරිදි Opal නිරූපිකාවක් ලෙසින් කටයුතු කරන අතර 2024 වසරේ විශ්ව රූ රැජින තරඟාවලියේ තුන්වැන්නා වූයේද ඇයයි.

Miss World 2025

සුදු පැහැ ගවුමක් (සුවපත් කිරීම සහ ශක්තිය සංකේතවත් කරන) මල්වලින් අලංකාර කරන ලද සුදුපැහැ රෙද්දකින් ඇය සැරසී සිටියා. ඇගේ ඇඳුම විපත්ති හමුවේ පවා එඩිතර වන ගැහැණුකම් සංකේතවත් කළා. රූ රැජිණ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Just Like the Opal, I Shine in My Own Light යනුවෙන් සටහනක් තබා තිබුණා. (Opal යනු මැණික් වර්ගයකි)

Miss World 2025

මේ මොහොත තම පෞද්ගලික ජයග්‍රහණයක් නොව බලාපොරොත්තුවේ සහ වෙනසක් ඇතිකිරීමට කැමති සෑම යුවතියකගේම සිහිනයක් සැබෑ වීමක් බවත් රූ රැජින උරුමය නියෝජනය කරන්නට ලැබීමත් වෙනසක් සඳහා රූ රැජින ලෙසින් තම කාලය භාවිතා කිරීමට ලැබීම ගෞරවයක් බවත් ඇය පවසා සිටියා.

Miss World 2025

පළමු අනුශූරතාවය සෝමාලියානු රූ රැජින Hasset Dereje ටත් දෙවන අනුශූරතාවය පෝල්න්ත රූ රැජින Maja Klajda ටත් හිමිවුණා. ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ අනුදි ගුණසේකර පිළිබඳව ලාංකිකන් දැඩි බලාපොරොත්තු තබා සිටියද, තරඟාවලියේ අවසන් 40 දෙනා අතරට පැමිණීමටවත් ඇයට හැකියාව ලැබී තිබුණේ නැත.

NDTV ඇසුරිනි –

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you