ArtMiss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

Miss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

-

spot_img

Miss World 2025 – ඊයේ (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති ලෝක රූ රැජින තරඟාවලියේදී 72 වැනි ලෝක රූ රැජින ලෙසින් තායිලන්තයේ Opal Suchata (Suchata Chuangsri) කිරුළු පැළඳුවා. ඒ ලෝක රූ රැජින කිරුළ දිනාගත් පළමු තායිලන්ත සුරූපිනිය ලෙස ඉතිහාසයට එක් වෙමින්. 21 හැවිරිදි Opal නිරූපිකාවක් ලෙසින් කටයුතු කරන අතර 2024 වසරේ විශ්ව රූ රැජින තරඟාවලියේ තුන්වැන්නා වූයේද ඇයයි.

Miss World 2025

සුදු පැහැ ගවුමක් (සුවපත් කිරීම සහ ශක්තිය සංකේතවත් කරන) මල්වලින් අලංකාර කරන ලද සුදුපැහැ රෙද්දකින් ඇය සැරසී සිටියා. ඇගේ ඇඳුම විපත්ති හමුවේ පවා එඩිතර වන ගැහැණුකම් සංකේතවත් කළා. රූ රැජිණ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Just Like the Opal, I Shine in My Own Light යනුවෙන් සටහනක් තබා තිබුණා. (Opal යනු මැණික් වර්ගයකි)

Miss World 2025

මේ මොහොත තම පෞද්ගලික ජයග්‍රහණයක් නොව බලාපොරොත්තුවේ සහ වෙනසක් ඇතිකිරීමට කැමති සෑම යුවතියකගේම සිහිනයක් සැබෑ වීමක් බවත් රූ රැජින උරුමය නියෝජනය කරන්නට ලැබීමත් වෙනසක් සඳහා රූ රැජින ලෙසින් තම කාලය භාවිතා කිරීමට ලැබීම ගෞරවයක් බවත් ඇය පවසා සිටියා.

Miss World 2025

පළමු අනුශූරතාවය සෝමාලියානු රූ රැජින Hasset Dereje ටත් දෙවන අනුශූරතාවය පෝල්න්ත රූ රැජින Maja Klajda ටත් හිමිවුණා. ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ අනුදි ගුණසේකර පිළිබඳව ලාංකිකන් දැඩි බලාපොරොත්තු තබා සිටියද, තරඟාවලියේ අවසන් 40 දෙනා අතරට පැමිණීමටවත් ඇයට හැකියාව ලැබී තිබුණේ නැත.

– NDTV ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you