FeaturesMathaka BanawaraMathaka Banawara – 02 මතක බණවර

Mathaka Banawara – 02 මතක බණවර

-

spot_img

Mathaka Banawara – 02

“මොනාද ඔයාට ඔය ෆේස්බුක් එකේ හෑලී ලියලා ලැබෙන්නේ..”

“වෙච්චි දේවල් වුණා.. ඒවට ඔයත් වගකියන්න ඕනේ..”

“ජීවිතේ ගැන ඔය දැන් තියන දර්ශනේ එදා තිබුණනම්, අද මෙහෙම වෙන්නෑනේ…”

“බොන එක ලොකුකමක් කියලද හිතේ වර්ණනා කර,කර ලියන්නෙ..”

“මං වෙනුවෙන් වෙන මොකුත් කරන්නෝනෙ නෑ.. අඩුම තරමෙ මගේ පවුල් ජීවිතේවත් ඉතිරි කරන්න.. පිං සිද්ධ වෙයි…”

ඒ ඔක්කොම පැමිණිලි, පහුගිය මතක බණවරෙන් පස්සෙ සුදු නෝනාගෙන්. මට ඒ හැමදේකටම ඒ වෙලාවේ උත්තර දෙන්න බැරිවුණා සුදු නෝනේ. ඉස්සර වගේමයි මං තාමත් හිත රිදවන්න දුකයි ඔයාගේ.මං හිතුවෙ නෑ ඔයා මගේ විකාර කියවන්න කාලය ගන්නව ඇති කියලා. ඒත් එහෙම කියවනවා කියලා හිතුණාම, කියාගන්න බැරි අර නරුම සතුට මට ආයෙමත් දැණුනා.ඉතිං ඒ ප්‍රශ්න ටිකට මේකෙන්ම උත්තර දුන්නාම ඔයාට නිවීහැනහිල්ලේ කියවගන්න පුළුවන් වෙයි කියලා හිතුණා.

මං දන්නෑ එදා අපේ ඒ ආදරේ අද ඔයාට හෑල්ලක් වුණේ කොහොමද කියලා. මට හිතාගත්තැකි ඒ අද ඔයාටම කියලා ජීවිතයක් තියන නිසා. අනේ මං ඒ ජීවිතේට අබැටක තරම්වත් හානියක් එදා වගේම අද කරන්නෙත් නෑ. කරන්න පුළුවන් කම උපරිමේටම තියෙද්දිත් මං එදා හිටපු තැන අදත් හිටගෙන ඉන්නවා. ඔයාට මාව දාලා ගිහිං වෙන කෙනෙක් බඳින්න තිබ්බ අයිතියට මං ගැරහුවෙ නෑ. පපුව දෙදරන්න දුක තියෙද්දි,කිසි දෙයක් නොවුණු ගානට පිස්සෙක් වගේ හිනාවෙවී උන්නා. ඔයා දන්නවද රෑට නිදාගන්න බැරුව මං වින්ද දුක. සියදිවි හානිකරගන්න ක්‍රම සහ විධි කොච්චර මතකෙට ආවත්, තනියෙන් කාමරේට වෙලා ඇඬුවා ඇරෙන්න මං ඔයාට කෝල් එකක් දීලා බැනලවත් හිත හදාගත්තද කියලා ඔය හිතෙන්ම අහලා බලන්න සුදු නෝනේ. මං ඔයා හැඩි කරලා ගිය හිත පිළිසකර කරගත්තෙ ලියලා. අද ඒව ඔයාට හෑලී වුණාට ඉස්සර ඔයා ආසම කරේ මං ලියනවට. මගේ හීන ඔක්කොම අරගෙන ගිහිං ඔයාගේ හීන මාළිගාව හදාගත්තට කමක් නෑ. මං මගේ හිත නිදහස් කරගන්න ලියන දේකට ගරහන්නැතුව ඉන්නවත් හිත පිරිසිදු කරගන්න. ඔයා කියන විදිහට මේ හෑලිනම්, ඒවා ලියලා මං හම්බකරන්නෙ සැනසීම කියලා විතරක් ඔයාට කියන්නම්.ඔව්… වෙච්චි දේවල් වුණා. මං තාම ඒවට වගකියනවා. හිතින්,ගතින් දෙකෙන්ම. ආදරේ කියන්නේ මොනතරම් ලොකු රැවටීමක්ද කියලා දැන,දැන මං තාම ඒ මත්තෙ නැහෙනවා. ඔයාට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ජීවිතේට පුංචි පලුද්දක්වත් නොකර වගකීමෙන් ඔයාව පරෙස්සම් කරපු එකම මට ඇති හිත හදාගන්න. ඒත් මට හදාගන්න කියලා එකලස් හිතක් නෑ. ඒක ඔයා යද්දි සුණුවිසුණු වෙලා ගියා. මං ජීවිතේ කැඩිච්චි කෑලී අහුල,අහුලා තාම අලවනවා. ඒ ඇති ඔයාට සැනසෙන්න.

කවුද දෙයියනේ කියන්නේ අරක්කු බොන එක හපංකමක් කියලා. ඔයා හොඳටම දන්නවා මං බුලත් විටකට දුංකොල කෑල්ලක් දාලා කාපු එකෙක් නෙවෙයි. ඒ මත් වෙනවට බයේ. එහෙව් මගේ මත් ඉතිහාසය 2004 අගෝස්තු 17 වෙනිදා ඕපන් කරේ ඔයා. මතකද ඔයාගේ අයියයි, යාළුවොයි මට කොච්චර කැත විහිළු කරාද ගෑණුන්ට බයේ බොන්නෑ කියලා. එදා මං මගේ හපංකං පෙන්නන්න බීවනම් අද ඔයාගේ මහත්තයා මං වෙන්නත් තිබුණා නේද..?ඔව් සුදු නෝනා… අද මට ජීවිතේ ගැන දර්ශනයක් තියෙනවා. ඒක එදා නොතිබ්බ එක ගැන මං අද සතුටු වෙනවා. මැණික, පණ, සුදූ, රත්තරං කියන්නේ ආදරේදී කියන නිකංම නිකං හිස් වචන ටිකක් විතරයි. මැණික්, රත්තරං වගේ ආදරේ රකින්න පුළුවන් වුණානම්, පණ ගියත් අපිට ආදරෙන් මැරෙන්න තිබුණනම්.. මට එදා ඔයා කියපු දේවල් විශ්වාස කරන්න තිබුණා. ඇත්තටම මිනිස්සු ආදරේ කරන්නෙ ටයිම් පාස් කරන්නද කියලා හිතෙන තරමට මට ඔය උලව් ආදරේ ගැන කළකිරීමක් තියෙන්නේ බං. ඊට වඩා මං දැන් ආදරෙයි මිනිස්සු බොනකොට කියන “චියර්ස්” කියන වචනෙට.මං දන්නවා දැන් ඔයාට වටින්නේ ඔයාගේ පවුල. ඇයි ඉතිං ඔයා බය ඒක පාඩුවෙ රැකගෙන යන්න. ඔයාගේ හෘද සාක්ෂිය ඔයාගෙන් නඩු අහනවා. ඔයා බයයි විත්තිකරු වෙන්න. ඔයාට ඕනේ පැමිණිලිකාරය වෙන්න.අනේ මං ආසයි විත්තිකරු වෙන්න. ඔයා හැමදාම පැමිණිලි පාර්ශවයේම ඉන්න.

අහනවද… ඔයා නොදන්න කතාවක් කියන්නම්. බොහෝම කාලෙකට ඉස්සර මං ආදරේ අවශේෂ වඩාගෙන බිබී ඇවිදපු කාලේ. කිරිල්ලවල – ජයන්ති ප්ලේස් බාර් එකේදී මට ඔයාගේ චූටී මාමයි, අයියයි, මහත්තයයි හම්බවුණා. මහත්තයා හොඳටම බීලා හිටියේ. මං ඇහුවා “මාව මතකද ” කියලා. දන්නවද මොකක්ද කීවේ කියලා. “මගේ ගෑණිගෙ පරණ මිනිහා නේ..” කීවා. මං ඌව නිවැරැදි කරා. මං කීවා “නෑ උඹේ ගෑණිගෙ පරණ පෙම්වතා” කියලා. අයියයි,මාමයි එකතුවෙලා ඔයාගේ මහත්තයා ඇදගෙන යද්දි ඌ කුණුහරපෙන් මටයි,ඔයාටයි බැන,බැනා ගියා. දැන් මං “එමිරේට් ප්ලසා” එකට ඇවිත් පැය කීපයක් ගෙවිලා ගිහිං. මං හැමදාම “නොම්බර නවය” මේසේට එන බව දන්න “දේවී” අදත් මගේ හිස් වීදුරු පුරව,පුරවා ළඟටම වෙලා ඉන්නවා. ආදරෙත් ඒ වගේ මත් වෙන්න පිරෙන්න ඕනේ. ඔය මේසේ ඔලුව ගහං අඬපු අවුරුදු ගානට දේවිලා ගොඩක් මගේ හිස් වීදුරු පුරවලා ගියා. හැබැයි හදවත තාම හිස් සුදු නෝනා. ඒක පිරෙන්නෙ ඔයාගෙ මතකෙන්. හැමදාම වගේ සාක්කුවට එන්නේ බිල. බිල තමා පහුවදා උදේට ජීවිතේ අනිත්‍ය කියන ලිඛිත සාක්ෂිය. හරියට මේ ලියන දේවල් ඔයාට රිදෙනවා වගේ, පහුවදාට බිල් කියවලා මං පාපකර්ම ගණං හදනවා. ආදරේ හින්දා පපුව පිච්චෙනවා. අරක්කු හින්දා සල්ලි පිච්චෙනවා. ඒත් ආදරෙන් මත් වුණාට වඩා අවංක මත්වීමක් මේ අරක්කු හින්දා ලැබෙනවා.

ලොකු රවුම් ඇස් අතර කරකැවී
නුඔ රුවන් සක්මනේ උන් හැටී
ඉඟියකින්වත් හිතට වද නොදී
අහේතුක සුසුමක්ව පිට වුනී…

නිදි නේන ඇස් පියන් මත වැටී
මතකයෙන් බර දෑස් පියවුනී
හදගැස්ම මොහොතකට නතරවී
ඔය රුවම ඇස් අතර ඉපදුනී….

මැවුන මුත් ලෝකයක් මට හිමී
ඒ ලොවේ නවතින්න බැරිවුනී
දකිනු රිසි හීන කඳු ගොඩ ගැසී
මං තාම මගෙ හීනයේ නිදී…

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you