NewsMahinda Amaraweera වී ගන්න සල්ලි දෙන්නෙ නැත්තං මණ්ඩලේ එපා

Mahinda Amaraweera වී ගන්න සල්ලි දෙන්නෙ නැත්තං මණ්ඩලේ එපා

-

spot_img

Mahinda Amaraweera – වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, මෙවර යල කන්නයේදී වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා නොදෙන්නේ නම්, වී අලෙවි මණ්ඩලය වහාම තම විෂය පථයෙන් ඉවත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

mahinda-amaraweera

පසුගිය කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින්, මුදල් දීම ප්‍රතික්ෂේප කරන බවට ඇමතිවරයා සිය ලිපියෙන් චෝදනා කොට ඇති අතර මෙවර යල කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගත්ත ද, වී සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා ගොවි ජනතාව මහත් අසීරුවට පත්ව සිටින බවත්, කීරි සම්බා අස්වැන්න ඉතාමත් ඉහළ මට්ටමක පැවැතියද ඒ සඳහා සාධාරණ මිලක් ගොවි ජනතාවට නොලැබෙන බවටත් චෝදනා කරන අමාත්‍යවරයා, වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් රජයක් ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඒවා මිලදී ගැනීම සිදුකළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් මුදල් ලබා නොදීමේ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරන්නේනම්, වී අලෙවි මණ්ඩලය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර, මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම ඇමතිවරයා ජනාධිපති ලේකවරයාට යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you