InterviewsKeerthy Suresh - ගොඩක් දෙමව්පියන්ට ඕනෙ දරුවො වෛද්‍යවරු,ඉංජිනේරුවො කරන්න

Keerthy Suresh – ගොඩක් දෙමව්පියන්ට ඕනෙ දරුවො වෛද්‍යවරු,ඉංජිනේරුවො කරන්න

-

spot_img

Keerthy Suresh ඇය පැමිණියේ කලා පවුලකින්. එකිනෙකට වෙනස් චරිත සඳහා තම රංගන දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට ඇය සමත්වූවා. මේ, සුරූපී මලයාලම් නිලි Keerthy Suresh සමගින් BEHIND WOODS සිදුකළ කතාබහක්.

• ඔබ රංගනයට අවතීර්ණ වෙන්නේ ළමා කාලයේදීමයි.

මගේ තාත්තා මලයාලම් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මම ඉස්කෝලෙ පහ වසර වෙනකම් අපි ජීවත්වුනේ චෙන්නායිවල. නිවාඩුවට කේරලයට යනවා. තාත්තා ඒ වෙලාවට ෆිල්ම් එකක් රූගත කරමින් ඉන්නවනං ඒකෙ පුංචි කොටස්වලට මාවත් ගන්නවා. ඒක එතරම් දෙයක් නෙමේ.

• දෙමව්පියන් මේ ක්ෂේත්‍රයේ අය නිසා ඔබට ක්ෂේත්‍රයට පිවිසෙන්න සැලසුමක්,බලාපොරොත්තුවක් තිබුණද?

මට රඟපාන්න ඕනකම තිබුණා. නමුත් දෙමව්පියන්ගෙ අදහස වුනේ මම අධ්‍යාපනය සම්පූර්ණ කළ යුතුයි කියන එක. රංගනයට අවතීර්ණ වෙන්න මම හදිසි වුනේ නෑ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මම විලාසිතා නිර්මාණකරනය තෝරාගත්තා.

Keerthy Suresh

• විලාසිතා නිර්මාණකරනය තෝරාගන්න හිතුනේ ඇයි?

කේරලයේ ගොඩාක් දෙමව්පියන් තමන්ගෙ දරුවන්ව වෛද්‍යවරුන්,ඉංජිනේරුවන් කරන්න මහන්සි වෙනවා. මට සහ මගේ සහෝදරියට වෙනස් දෙයක් කරන්න ඕන වුනා. අපි චිත්‍රපට ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක පැත්ත ගැන උනන්දු වුනා.

• විලාසිතා නිර්මාණකරනය හැදෑරීම ඔබේ රංගන ජීවිතයට ප්‍රයෝජනවත් වුනාද?

ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. මම නිර්මාණකරුවන් සමග මගේ අදහස් බෙදාගන්නවා.

• පිටපත් තෝරාගන්න දෙමව්පියන් උදව් කරනවද?

ඔව්.වීරවරියක් වෙන්න මට අවශ්‍ය නෑ. මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න මම කැමතියි. කතාව,නළු නිළියන්,අධ්‍යක්ෂවරයා කවුද කියන දේවල් ගැන මං සැළකිලිමත් වෙනවා.

Keerthy Suresh

• ඔබේ මවගේ චිත්‍රපට අතරින් කැමතිම චිත්‍රපටය මොකක්ද?

Ramayi Vayasukku Vandhuta(1980)

• ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවද?

මම ඒවා ගැන එච්චර හිතන්නෙ නෑ. සමහර චරිත රඟපාන්න ලැබුනම තමා මං දන්නෙ එවැනි චරිතත් තියෙනවා කියලා. Queen චිත්‍රපටයේ කන්ගනාගේ චරිතයට සහ Maryan චිත්‍රපටයේ පාර්වතීගේ චරිතයට මම කැමතියි. ඒ මම කැමති දේවල්. නමුත් මම චරිතයක් අරමුණු කරගෙන අධ්‍යක්ෂකවරුන් හා වැඩ කරන්නේ නැහැ.

Keerthy Suresh

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you