NewsIran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

Iran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

-

spot_img

Iran – ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 7.00 AM

අමෙරිකාවේ මැදිහත්වීම

* ඊශ්‍රායල – ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර ඇති සමාජ මාධ්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

* පළමු සටහන මඟින් ඔහු සඳහන් කර තිබුණේ, ඉරාන අහසේ සම්පූර්ණ පාලනය ඇමරිකාව සතුව පවතින බවත් ඉරානයට ඉතා හොද ගුවන් ආරක්ෂන පද්ධතියක් හා අනෙකුත් ආරක්ෂක උපකරණ ඕනෑ තරම් ඇති නමුත් ඇමරිකාවේ නිෂ්පාදිත තමන්ගේ උපකරණ සමග ඒවාට සටන් කිරීමට නොහැකි බවයි.

* ඉරානයේ උත්තරීතර නායකයා සිටින තැන අමෙරිකාව දන්නා බවත් එය ඉතාම පහසු ඉලක්කයක් වන අතර එහෙත් ඔහුව ඝාතනය කිරීමට දැනට අවශ්‍ය නොවන බවත් සිවිල් ජනතාව හා ඇමරිකානු සොල්දාදුවන් අතර මිසයිල ප්‍රහාර සිදුකිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි සිය දෙවන සමාජ මාධ්‍ය සටහන මඟින් ඔහු සඳහන් කළේ.

* තවත් සටහක් තැබූ ට්‍රම්ප් සඳහන් කරන්නේ, කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බවයි.

* ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමට එක්සත් ජනපදය යුදමය වශයෙන් සම්බන්ධ වීමට සැලසුම් කරන බවට වාර්තා වන පසුබිමක එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා නැගෙනහිර එංගලන්තයේ කඳවුරකින් පිටව ගොස් තිබෙනවා.

* ට්‍රම්ප්ට ඉරානය සමඟ සෘජු යුද්ධයකට එළඹීමේ හැකියාව සීමා කරන පනතක් පිළිබඳව කොංග්‍රසයේ නීති සම්පාදකයින් අතර විවාදයක් මතුව තිබෙන අතර එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සටන් කළහොත්, එය 2001 සිට මැද පෙරදිග එක්සත් ජනපදය සටන් කළ තුන්වන යුද්ධය වනු ඇති බවත් ඉරානය සමඟ එවැනි යුද්ධයකට යාම රටට විනාශකාරී වරදක් වනු ඇති අතර මැද පෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට පුළුල් ප්‍රහාර එල්ල කිරීමට හේතු වනු ඇති බවයි සෙනෙට් සභික ටිම් කේන් සඳහන් කරන්නේ.

* එක්සත් ජනපද නීතිය යටතේ, වෙනත් රටකට එරෙහිව විධිමත් ලෙස යුද්ධ ප්‍රකාශ කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට නොමැත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ තේරී පත් වූ නීති සම්පාදකයින් වන කොංග්‍රසයට පමණක් එය කළ හැකි වුවද නීතියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා බැවින් ඔහුට විධිමත් යුද්ධ ප්‍රකාශයකින් තොරව එක්සත් ජනපද හමුදා යෙදවීම සහ මෙහෙයුම් සිදුකළ හැකිවීම බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ තත්ත්වය

* ඊයේ රාත්‍රීයෙත් ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබූ අතර ඊයේ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

* ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ප්‍රහාර මාලාවක් සිදු කරන බව ඊශ්‍රායල ගුවන් හමුදාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර ජනතාවට නගරයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබෙනවා.

* ඊශ්‍රායලය ඉරාන අගනුවර අසල කොජිර් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් නවතම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉරානයේ තත්ත්වය

* ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, “උතුම් හයිදාර්ගේ නාමයෙන්, සටන ආරම්භ වූ බවයි”

* ඉරානය සිය “Fattah-1” මිසයිලය ඊශ්‍රායලය දෙසට දියත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම මිසයිල වර්ගය පළමු වරට 2023 දී දියත් කර ඇති අතර ඕනෑම මිසයිල ආරක්ෂක පද්ධතියක් හරහා විනිවිද යා හැකි බවයි සඳහන් වෙන්නේ.

* මේ අතර ඉරානය ඊශ්‍රායලයේ Tel Aviv ජීවත් වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

* ඊයේ රාත්‍රීයේ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් වාර්තාවී නොමැති අතර ටෙහෙරාන් නගරය වෙත ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුටත් සඳහන් කරන්නේ.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you