NewsIndia ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

India ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

-

spot_img

India – පසුගිය ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව එළි දක්වා තිබෙනවා.

අනතුරට ප්‍රධාන හේතුව යානයේ ඉන්ධන පාලන ස්විච්චය ක්‍රියාවිරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන සැපයීම නතරවීම බවයි අදාල විමර්ශන වාර්තාවට අනුව පැවසෙන්නේ.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් තත්පර 01ක කාල පරතරයකින් RUN සිට CUTOFF වෙත මාරු වී ඇති බවත්, නියමු කුටියේ පටිගත දත්ත අනුව ‘RUN සිට CUTOFF වෙත මාරුකළේ ඇයි’ දැයි එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇති බවත්, එහෙත් තමා එසේ නොකළ බව අනෙක් නියමුවා ඊට පිළිතුරු ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ Pilot flying ලෙස නියමු Clive Kunder ද Pilot Monitoring ලෙස නියමු Sumeet Sabharwal ද සිට ඇති අතර පටිගත වූ අදාල දෙබස කවුරුන් විසින් කාහට කියන ලද්දැක් දැයි තවමත් පැහැදිලි වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම පාලන ස්විචය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකළ යුතු කාර්යයක් බවද, එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ අතිශය දුර්ලභ අවස්ථාවකදී බවද ගුවන් විශ්ලේෂකයන් පවසනවා.

පසුගිය ජුනි 12 වැනිදා ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් අනතුරට පත් යානය අහ්මදාබාද් ගුවන් තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරට ලක්වූ අතර, ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

 

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you