NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 67

Hima Mal Renu හිම මල් රේණු – 67

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

මා සිටියේ සැබෑම සතුටකිනි. ඒ බව මගේ මුහුණින්ද පෙනෙන බවට සැකයක් නැත. නැන්දා මඟින් මඟට දුන් ඇමතුම් වලට මම කෙටියෙන් පිළිතුරු දුන්නා මිස වැඩිපුර කිසිත් කීමට නොගියෙම්. ඇයව පුදුම කරන්නට මට වුවමනා විය.

“නැන්දා…”

නිවසට පැමිණි විගස අප එනතුරු පෙරමඟ බලා උන් නැන්දා වැළඳ ගත් මම කෑ ගැසුවේ ප්‍රීතියෙනි. ඈ පුදුමයෙන් මා දෙස බලා සිටියාය.

“මොකද වුණේ ළමයෝ…නිරංගාක්කා හිටියාද…?”

ඈ නොඉවසිළිමත් ලෙස විමසුවාය.

“ආන්ටි විතරක් නෙවේ නැන්දා…අවීශුත් ජීවත් වෙනවා…මට සතුටුයි නැන්දා…”

මම කෑ ගසන විට ඈ මුව හයා බලා සිටියාය. ගුණතුංග මාමා සියලු පුවත් ඈ හා පවසන විට ඈ අසා සිටියේ මවිතයෙන් බව නොකිවමනාය.

“දෙවියනේ…! අපිට බොරු කියලා වුණත් කමක් නැහැ මේ ළමයා ජීවත් වෙලා ඉන්නවා නම්…”

ඒ මොහොතේ නම් නැන්දා හඬමින් කීවාය.

“ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ රේඛා…කොහොම වුණත් මේ ගැන කාටවත් දැන ගන්න තියන්න එපා…”

ගුණතුංග මාමා අවවාදයක් ලෙස කීවේය.

“නැහැ…නැහැ…අපි ටික දැන ගත්තම මදෑ…මේ හැමදේම පිටිපස්සෙ කවුද ඉන්නේ කියලා හොයා ගන්නත් එපැයි..මටත් එන්න තිබුණේ ඔයාලා එක්ක…කමක් නැහැ…හිමින් සැරේ යන්න බැරියැ…මට නම් පුදුම සතුටක් දැනෙනවා…”

අප සමඟ යෑමට නොඒම ගැන නැන්දාගේ සිතේ පසු තැවිල්ලක් විණැයි කියා මට සිතිණි.

“සතුටක් වගේම දුකකුත් තියනවා නැන්දා…”

“ඒ මොකද…?”

ගුණතුංග මාමා නැඟිට ඉවතට ගියේ අපට කතා කරන්නට ඉඩ හරිමිනි.

“අවීශ් මැරි කරලා…”

මම පිළිතුරක් දෙන්නට පැකිළෙමින් සිටින විට නදීරා කීවාය.

“මොනවා…! මේ අව් අස්සේ මඟුළකුත් කරගෙනද…?”

මා සිතූ සේම පුදුමයෙන් ඈ ඇසුවාය.

“ඔව්…ළමයෙකුත් ඉන්නවා…”

“මොනවා…හත් ඉළව්වයි…”

“හ්ම්ම්…”

මම නදීරාවත් නැන්දාත් එහි තනිකර නැඟිට කාමරයට පැමිණියේ නැන්දා මුව හයා බලා සිටින විටය. කාමරයට පැමිණි මම යහන මත හිඳ ගෙන අවීශ් ඇඳි සිතුවම දෙස බලා සිටියෙමි. අපට කුමක් හෝ දෙයක් මඟ හැරී ගිය බවක් හදිසියේ මට සිහි වූයේ එසේ බලා සිටින මොහොතේදීය. නමුත් ඒ කුමක්ද කියා මට සිතා ගන්නට නොහැකි විය. නදීරා කාමරයට කඩා වැදුණේ එවිටය.

“ආහ්…ආයෙමත් කල්පනාව…මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නේ…?”

මා පසෙක හිඳ ගනිමින් ඈ ඇසුවේ නෝක්කාඩුවට මෙනි.

“ම්ම්හ්…මොකුත් නැහැ…” මඳහසක් මවා ගනිමින් මම කිවෙමි.

“මොකුත් නැහැ කියන්නේ…මොනවා හරි තියනවා කියන එක…අනික මං දන්නවා ඔයා හිතන එක…”

මම විදහා ගත් දෑසින් නදීරා දෙස බැලීමි.

“මොකක්ද…?”

“හිතුවෙත් හිතන්නේත් එක දෙයක් ගැනමනේ…අවීශ්…නැත්ද…?”

එය සැබෑවක් වූ නිසා මම කිසිත් නොකීවෙමි.

“හ්ම්ම්…”

“දැන් ඒ හැමදේම වෙලා ඉවරනේ ආරණ්‍යා …අපි දැන් මෙතන ඉඳන් අලුතින් හැමදේම පටන් ගන්න ඕන…”

ඈ අදහස් කරන්නේ කුමක්ද කියා මට වැටහිණි. සිත පසුබාන්නේ මන්ද කියා මට නොවැටහේ.

“හ්ම්ම්…”

මම හූ මිටි තැබුවේ ඒ නිසාය. නදීරා මා පසෙක හිඳ ගත්තේ කතා බහක් අරඹන්නට මෙනි.

“මට ඒත් පුදුමයි ආරණ්‍යා අවීශ් ගැන…” ඈ කීවාය.

“ඒ ඇයි…?”

“එයා ඔයාට ආදරේ කළා නම්…ඇයි අරයාව මැරි කළේ…? එහෙම දෙයක් වෙලා ඇති කියලා මං නම් හිතුවෙවත් නැහැ…අපේ කොල්ලෝ ටිකටත් ඒකට මාරම අප්සට්…මං හිතුවේ අවීශ් හිටියා නම්…මේ දේවල් වෙන්න කළින්…එයා ඔයාව මැරි කරයි කියලා….මං ඒක බලාපොරොත්තු වුණා…ඒත් හැමදේම වෙනස් වුණා…සමහරවිට මේ හැමදේටම හේතුවක් ඇති…නැත්ද…”

මම දෙවුර සැළුවේ මඳහසක් පාමිනි.

“ඇයි එහෙම හිතුවේ…? අපි අතරේ එහෙම දෙයක් තිබුණේ නැහැනේ…”

“ඒ වුණාට ඔය හිත් ඇතුළේ එහෙම දෙයක් තිබුණා…උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ…ඔයා එයාට ආදරේ කළා…තවමත් කරනවා…දෙන්නා ඉස්සර නයි මුගටි වගේ හිටියා වුණත්…යටි හිත් වලින් දෙන්නට දෙන්නා හිටියේ ආදරෙන්…ඒක අපි හැමෝම දැනන් හිටිය නිසා තමා අපි හැමෝටම අවුල්…”

“හැමෝම…?”

“ඔව්…අපි විතරක් නෙවේ…ඔයාලාගේ තාත්තා වුණත් බය වුණේ ඒ නිසානේ…ඒකනේ ගිහින් අවීශ් මුණ ගැහුණේ…”

“ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා…”

“ඔව්…ඒක ඇත්ත…ඒ වෙනසට හුරු වෙන්න අමාරු නිසානේ මේ හැමදේම… ඔයා නැත්නම් මෙතන ඉඳන් තව කල්පනා කරන්න ඕනද…? හැබැයි ආරණ්‍යා තව දෙයක් තියනවා…”

ඒ කුමක්දැයි අසන බැල්මකින් මම නදීරා දෙස බැලීමි.

“හදිසියේ හරි ඔයා මැරි කරලා ඉඳලා…අවීශ් මේ විදියට ජීවත් වෙනවා කියලා දැන ගන්න ලැබුණා නම්…මොනවා වෙයිද ආරාණ්‍යා…?”

මා ගත සීතලව ගියේය. එවැන්නක් සිතීමත් බියකරුය.

“අනේ…නදීරා ඒ ගැන හිතත්දීත් බයයි…”

“ඒක තමා ආරණ්‍යා…ඒ ආදරේ නිසායි ඔයා බය…අවීශ් සමහරවිට මේ තීරණේ ගන්න ඇත්තේ ඔයා ගැන හිතලද දන්නෙ නැහැ…”

“ඒ ඇයි…?”

“ඔයාගේ තාත්තා එයාට කියපු දේවලුත් එක්ක එයා හිතුවද දන්නේ නැහැනේ…ඔයාගෙන් ඈත් වෙන්න මේක තමා සුදුසුම ක්‍රමය කියලා…”

එය එසේ වේ යැයි කියා සිතීම අපහසුය.

“දැන් ඕවා ගැන හිතලා වැඩක් නැහැ… අනුරාග් හොඳ කෙනෙක්…දැන් එයා ගැන හිතන්න…”

නදීරා මගෙන් සමුගත්තේ එසේ කියමිනි. එතෙක් මට ඒ පිළිබඳව හැඟීමක් නොවූ ගානය.

“දැන් ඉතින් වැඩට යන එක ගැන බය වෙන්න දෙයක් නැහැනේ…”

එදින නැන්දා සමඟ කතා බහ කරමින් සිටින විට ඈ කීවේ සිනහවෙමිනි.

“ඔව්…මෙයාලානේ මේ හොල්මන් කරල තියෙන්නේ…”

“එතකොට දුව එයාලද කෝල් අරන් තියෙන්නේත්…?” සැකමුසු හඬකින් නැන්දා ඇසුවාය.

“එහෙම කතාවක් නම් කිව්වේ නැහැ නැන්දා…එහෙම කළා නම් ප්‍රසාද් අයියා ඒ ගැන කියන්න ඕන…”

“හ්ම්ම්…තාමත් විසඳුණේ නැති ඒවා ගොඩාක් තියනවා එහෙනම්…කෝකටත් තව ටික දවසක් ගෙදර ඉන්න…”

නැන්දා කල්පනාකාරී හඬකින් කියන විට මමද නිහඬවම එයට එකඟ වූයෙමි.

පසුදින සවස අනුරාග් නිවසට පැමිණියේ මා තව ටික දිනක් නිවසේ නැවතීමට තීරණය කළ බව දැන්වූ පසුවය.

“හරි පුදුමයි නේද…? කවුරුත් නොහිතපු දෙයක්…” ඔහු කීවේය.

“ඔයාගේ හිතේ තිබුණනේ එයා ජීවත්ව ඇති කියන හැඟීම…ඒ ප්‍රාර්ථනාව…දැන් එයා ජීවතුන් අතර ඉන්නවා…සම්පූර්ණ ශරීරයක් විදියට…ඔයා සතුටු වෙන්න ඕන ආරණ්‍යා…”

ඔහු එක දිගටම කියවන් ගියේය. අවීශ් විවාහ වී ඇති බවක් මම ඔහු හා නොපැවසුවෙමි. ඒ මන්ද කියා නම් මම නොදනිමි.

“ඔව්…අනුරාග්…මට ඇත්තටම සතුටුයි… අවීශ් නැහැ කියන හැඟීම…නැහැ…මං ඒ ගැන හිතන්නවත් කැමති නැහැ…”

“හෙදරට පැනලා වෙඩි තිබ්බේ කවුද කියලා හොයා ගන්න කල්…මෙහෙම ඉන්න එක එයාට හොඳයි…මටත් සතුටුයි…ඇත්තටම එයා ජීවත් වෙනවා කියලා අහන්න ලැබුණු එකට…”

අනුරාග් කීවේ අවංක වූ හඬකින් අතර එහි කිසිදු බලාපොරොත්තු කඩවීමක හෝ ශෝකය මුසු බවක් පෙනෙන්නට නොවීය. මා ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වූවාද….?

-7 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you