NewsHealth Professions Societies බෙල්ලන බෙල්ලටම හිර වෙයිද?

Health Professions Societies බෙල්ලන බෙල්ලටම හිර වෙයිද?

-

spot_img

Health Professions Societies – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරන පරිදි, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද දින (පෙබරවාරි 19) කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ සූදානමක පවතී. තමන්ගේ වෘත්තිය හෑල්ලු වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේයැයි චෝදනා නඟමින්, කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් පසුගියදා (පෙබරවාරි 16) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියේ තබා ගනිමින් විරෝධතාවක නිරත වූ බවට ප්‍රවෘත්ති වාර්තා පළ විය. එහෙත් පසුවදාම (පෙබරවාරි 17) මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තමන් කාර්යාල අඩස්සියේ නොසිටි බවයි.

Health Professions Societies

මේ පිළිබඳ ඊයේ (පෙබරවාරි 18) මොණරාගල පැවති මාධ්‍ය හමුවකදී, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කළේ, කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ජාවාරම් ,ස්ත්‍රි දූෂණ චෝදනාවන් ලැබුවන් මෙන්ම විනය විරෝධි කණ්ඩායම් සමග එම ජාවාරම් කරනු ලබන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මිස සෞඛ්‍ය සේවකයින් නොවන බවය. වෛද්‍යවරයාගේ නොමනා හැසිරීම සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.

Health Professions Societies

මේ අතරම, ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග අද (පෙබරවාරි 19) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ අද පෙරවරු කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් යම් හෙයකින්, එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් අද පස්වරුවේ රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you