FoodFruit Cake පලතුරු කේක්

Fruit Cake පලතුරු කේක්

-

spot_img
Fruit Cake – අවුරුදු බර ගානකට කලින් ඉස්සර පුංචි කාලේ උණු උණු fruit cake එකක් කෑවා. ඒ රස මට තාම මතකයි. ඒකට කජු යහමින් දාල තමා හදලා තිබ්බේ.  මම fruit cake හදන ගානේ ඒ රස මට මතක් වෙනවා. ඒ දවස්වල හීනෙකින්වත් හිතුවේ නෑ මගේ අතින්ම රස කේක් හදන් මට හිතුන ගමන් කන්න පුලුවන් වෙයි කියලා . ඇත්තටම. හරිම රසයි. ට්‍රයි කරලා බලන්න කැමති අය.

පලතුරු කේක් (1kg)

පිටි 180g
ඇස්ට්‍රා 180g
සීනි180g
ලොකු බිත්තර 3
පලතුරු 150g (වියළ මිදි, පලතුරු කෑලි, කජු, පුහුල් දෝසි, චෙරී මේවා හීනියට කපා ගන්න, ඔක්කොම පලතුරු වලින් කවලමේ බර 150g -160g ගන්න )

ලුණු පිංචක්
බේකින් පවුඩර් තේ හැදි එකක්
වැනිලා තේ හැදි එකක්
ආමන්ඩ් එසන්ස් හෝ වයින්බ්‍රැන්ඩි චුට්ටක් (මට තිබුනේ නැති නිසා මම pineapple එසන්ස් චුට්ටක් දැම්මා )

fruit cake

පිටි වලට බේකින් පවුඩර්,ලුනු කුඩු දමා හොදින් හලා ගන්න. හලපු පිටි වලින් ටිකක් අරන් කපා ගත් පලතුරු කෑලි වලට දමා හොදට කවලම් කර පැත්තකින් තියන්න .

දැන් බටර් වලට සීනි දමා හොදට බීට් කර සීනි ටික දිය වෙද්දී බිත්තර එකින් එක දමා බීට් කරන්න.

දැන් ඉතිරි පිටි ටික එක්කර ස්පැටුලා එකෙන් කවලම් කර එයට පලතුරු, වැනිලා එසන්ස් දමා හෙමින් කවලම් කරන්න.

බේකින් ට්‍රේරේ එකකට යටට පත්තරයක් දමා උඩට පාච්මන්ට් ෆේපර් එකක් දමා කේක් බැටර් එක දමා preheat (පෙර සූදානම් කර ගත්) අවන් එකක සෙල්සියස් අංශක 160-170ට මිනිත්තු 40 -45 අතර බේක් කර ගන්න. විනාඩි විස්සක් වගේ බේක් වෙද්දී උඩින් කජු මද, පලතුරු කෑලි ටිකක් ඉහලා නැවතත් බේක් කරන්න .

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you