FeaturesFrench Wine විනාශ කිරීමට මිලියන දෙසීයක්

French Wine විනාශ කිරීමට මිලියන දෙසීයක්

-

spot_img

French Wine – නිෂ්පාදකයින්ට සහාය වීමට සහ අතිරික්ත වයින් විනාශ කිරීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200 ක් වෙන් කර ඇති බවට වාර්තා වෙයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝ පිරිසක් Craft Beer භාවිතයට පෙලඹී ඇති නිසා වයින් සදහා තිබූ ඉල්ලුම පහළ යාමයි. අතිරික්ත නිෂ්පාදන සහ ජීවන වියදම් අර්බුදයන්ද කර්මාන්තය අඩපණ කිරීමට හේතු වි ඇත. රජය වෙන් කළ යුරෝ මිලියන 200 න් වැඩි කොටසක් සුවඳ විලවුන් සහ පිරිසිදුකාරක අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මධ්‍යසාර තොග මිලදී ගැනීම සදහා භාවිතා කෙරෙනු ඇත.

French Wineමේ අතර අතිරික්ත නිෂ්පාදන නැවැත්වීමේ උත්සාහයක් ලෙස වයින් නිශ්පාදකයින් Olive වැනි වෙනත් නිෂ්පාදනයන් වෙත මාරු කිරීමට ද මුදල් ලබා දීමට නියමිත බවද සදහන් වේ. කර්මාන්තයට මුදල් යෙදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ, “වයින් මිල කඩා වැටීම නැවැත්වීම සහ එමගින් නව ආදායම් අවස්ථා සලසා දීමත් බව” ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau මහතා පැවසීය. එමෙන්ම “අනාගතය දෙස බලා පාරිභෝගිකයින්ගේ වෙනස්කම් සැළකිල්ලට ගෙන ඒ අනුව ඒවාට අනුවර්තනය විය යුතු බවද” ඒ මහතා වැඩි දුරටත් සසහන් කළේය.

French Wine

පසුගිය වසරේ ජූනි සිට මේ වසරේ ජූනි දක්වා ගෙවුණු අවුරුද්දක කාලයේදී, යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන පරිදි, ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% පමණ වයින් පරිභෝජනය පහත වැටී ඇති නමුත්, ලොව විශාලතම වයින් නිෂ්පාදන ප්‍රදේශය වන Bloc හි නිෂ්පාදනය 4% කින් ඉහළ ගොස් තිබේ.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.liquor.com / www.thelocal.com / www.sciencephoto.com

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you